නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ හා අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනු කාරක සභාව පත්කිරීම සිදුවු බවයි.
 
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය යන සාමාජිකයන් 8 දෙනකුගෙන්  සමන්විත කමිටුවක් පත් කර ඇත.
 
එහි ලේකම් ලෙස පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක කටයුතු කරන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.
 
එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසා ඇත්තේ නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් නීතිය සම්බන්ධ මූලික අවබෝධයක් මෙරට දරුවන්ට ලබා දීම ඉතාමත් වැදගත් බවයි.
 
ලොව දියුණු රාජ්‍යයන්හි මුලික නීතිය පිළිබඳව පුරවැසි අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කර ඇති අතර, නීතිය පිළිබද දැනුම පාසැල් විෂය මාලාවට එක්කිරීම කාලීන අවශ්‍යතාවයක් බව අධිකරණ අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.
 
පාසැල් විෂය මාලාවට නීති විෂය එක්කිරීමේ  වැඩපිළිවෙල සම්බන්ධයෙන් පත්කළ මෙම මූලික කමිටුවේ යෝජනා ඇතුළත් වාර්තාව මාස දෙකක කාලයක් තුළ ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කමිටු සාමාජිකයන්ට උපදෙස් ලබා දී තිබේ.
 
ඉන් අනතුරුව විශේෂඥ කමිටුවක නිර්දේශ මත නීතිය, විෂය මාලාවට කඩිනමින් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව  අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
 
###############
 
 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්