ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කර
දෙමළ ජනයාට යුක්තිය ඉටු කර දෙන ලෙස බලකරමින් නැගෙනහිරදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
 
මඩකලපුව මරුංගයඩි වලින් ආරම්භ කළ විරෝධතා පා ගමන මඩකලපුව චිත්නාන්ඩි දක්වා පැමිණ   විරෝධතාවය දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
මාර්තු 19 සිකුරාදා පැවැති විරෝධතාවය සදහා අතුරුදහන් වුවන්ගේ පවුල්වල ඥාතීන්ට අමතරව උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් සහ ආගමික නායකයන්ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
ඔවුන් වැඩි දුරටත් පවසන්නේ රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා මඩකලපුව නගරයේ ආරක්ෂාව දැඩි කර තිබු හෙයින් චිත්නාන්ඩි හිදී විරෝධතාවය පැවැත්වු බවයි.
 
ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් තුන් වසරකට ඉහත නැගෙනහිරදී  මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ පූපති මෑණියන් වෙනුවෙන් නාවලඩියේ ස්ථාපිත කර තිබෙන ස්මාරකයට පහන් දල්වා උපහාර දැක්වීමටත් විරෝධතාවයට එක්ව සිටි ආගමික නායකයන් කටයුතු කර තිබේ.
Annai Poopathy
අන්නෙයි පූපති නමින් ප්‍රකට පූපති කනපතිපිල්ලේ දස දරු මාතාව මාසයක් තිස්සේ නිරාහාරව සිට ජීවිතය පූජා කළේ 1988 මාර්තු 19 දාය.
 
 
ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කිරීම සඳහා යුද පීඩිත දෙමළ ජනයා උතුරු හා නැගෙනහිර ස්ථාන තුනක ආරම්භ කර තිබු උපවාසද ඊයේ දිනයේ අවසන් කර තිබුණි.
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් යුක්තිය සලසා දීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් වෙනුවෙන් ලන්ඩනයේ උපවාසයක් දියත් කළ අම්බිහෙයි සෙල්වකුමාර්ගේ ඉල්ලීම් ජය ලබා අවසන් වූ බව දැනගැනීම ශ්‍රී ලංකාවේ උපවාස නවතා දැමීමටද හේතුවී ඇති බව නැගෙනහිර වාර්තාකරුවෝ පවසති.
 
 ආගමික නායකයන්, විශ්වවිද්‍යාල සිසුන් හා සිවිල් ක්‍රියාධරයන් එක්වී යාපනය උපවාසය නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිටින්  පෙබරවාරි 28 ඉරිදා ආරම්භ කළ උපවාසය අවසන් කර තිබුනේ මාර්තු 18 බ්‍රහස්පතින්දා දිනයි.
 
 නැගෙනහිර ජනයා මඩකලපුව මාමංගම් ගණදෙවි කෝවිල ඉදිරිපිටින් මාර්තු 3 බදාදා දිනත්, මාර්තු 6 බදාදා අම්පාර කල්මුනේ ද්‍රෞපදී දේවාලය ඉදිරිපිටත් ආරම්භ කළ උපවාස දෙකම අද දිනයේ උද්ඝෝෂණයෙන් පසුව නැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබේ.
 
 නැගෙනහිර උපවාසයන්ට දිගින් දිගටම පොලිසිය බාධා එල්ල වී තිබුනි.
 

 


 

 

 
The Leader TV

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

සිද්ද වෙන දේවල් දැක්කම දුකයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්