ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවත්,
ආණ්ඩු පක්ෂයේ අයවලුන් අතර සමගිය නැතිනම් ඊළඟ මැතිවරණ දිනීම පහසු නොවන බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අවධාරණය කර සිටියි.
 
ඔහු එබව කියා සිටියේ, ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
ඇතැම් පුද්ගලයින් විසින් ආණ්ඩුව තුළ අර්බුද ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු එහිදී කියා සිටියේය.
 
මේ වන විට ආණ්ඩුව පිහිටුවා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතවී තිබෙන බවත් මේ වන විට ආණ්ඩුවකට පැවැතිය යුතු ජන ප්‍රසාදය තිබේද යන කාරණය සම්බන්ධව විමසා බැලිය යුතු බවත් ඔහු පැවසිය.
 
අද තම කඳවුරේ ම පිරිස් වියත්මගට බැණ වදින බවත් එය ඉතා කණගාටුදායක කරුණක් බවත් පැවසු රාජ්‍ය ඇමතිවරයා, රටේ සිදුවන සියළු දේවලට වියත්මගට චෝදනා නොකල යුතු බවත් අවධාරණය කර සිටියේය.
 
දේශප්‍රේමී කඳවුර ආරක්ෂාකර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ, ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් තමා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බවයි.
 

 
 
 
එකිනෙකාට එරෙහිව 'හූ' කියන තත්වයක් !
 
 
මේවනවිට  බැසිල්ට පක්ෂ හා විපක්ෂ ලෙස ආණ්ඩුව තුළ බල කඳවුරු දෙකක නිර්මාණය වී ඇති අතර විමල් පාර්ශවය හා බැසිල් පාර්ශව ලෙස එය සමාජගතව ඇත.
 
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට පෙරේදා  (මාර්තු 27) කිරින්ද ප්‍රජා ශාලාවේදී බාධා කරමින් 'හූ' කියවීම
බැසිල් පාර්ශවය විසින් සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් වියහැකියයි ආණ්ඩුවේ ඇතැමුන්ට බරපතල සැකයක් මතුව ඇත.
 
 
සබැඳි පුවත් :
 

 

 


 

 
 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්