රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත්කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත්
විමර්ශනයකට ලක් වන්නේ නැතැයි සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) පැවසීය.
 
මේ අතර පරිභෝජන මෙන්ම පාරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මේ භාණ්ඩ කන්ටේනරයෙන් ලංකාවට ගෙනවිත් කෙලින්ම වෙළෙඳ පොළට යන බව කී අලගියවන්න රාජ්‍ය ඇමතිවරයා, නිදහසින් පසු රට මුහුණ දෙන මේ ක්‍රමවේදයේ අඩුපාඩුකම් නිවැරැදි කිරීමට රජය වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.
 
කිසිදු රජයක් ජනතාවට හිතාමතා වහ කවන්න උත්සාහ කරන්නේ නැතැයි ද වෙළෙඳපොළට විෂකාරක තෙල් නිකුත් වී තිබේ යැයි කිසිම රාජ්‍ය ආයතනයක් අද වන තෙක් ප්‍රකාශ කොට නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 


 

 

THE LEADER TV

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

සීතා - දමිත හුටපටේ...!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්