පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට
කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
 
නීතිපතිවරයා එබව දැනුම් දී ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිගෙන් කළ විමසිමකට අනුව ය. 
 
ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.
 
 
 
'ජාතික ආරක්ෂාවට තර්ජනයක්' - ඇමති වීරසේකර
 
කෙසේවුවද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට ඒමට අවසර නොදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
 
මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අඩංගුවට ගෙන සිටින කිසිදු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට ගෙන ආ නොහැකි බවයි.
 
 ඇමතිවරයා මෙසේ පැවසුවේ, රැඳවුම් නියෝග යටතේ සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා මැති සබයට කැඳවන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළ අවස්ථාවේදී ය .
 
ඔහු පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී යම් යම් රහස අනාවරණය කළහොත් එය පරීක්ෂණවලට අහිතකර ලෙස බලපානු ඇති බවත් ඇතැම් අපරාධකරුවන් රටින් පළායාමේ හැකියාවක් ඇති බවත් ඇමැතිවරයා එහිදී කියා සිටියේය. 
 
එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව සරත් වීරසේකර අමාත්‍යවරයා පැවසිය. 
 
ඒ සමග විපක්ෂයෙන් ඔහු වෙත දැඩි විරෝධයක් එල්ල විය.

 

 

 

 
THE LEADER TV 

කොවිඩ් මරණ: හේමසිරිට, පූජිත්ට බෙදන හැන්ද වත්මන් බලධාරීන්ට අදාළද?

 

 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්