'කොවිඩ් 19' වසංගතය මේ වන විට සමස්ථ ලාංකීය සමාජයේ හදවතටම දැඩි තර්ජනයක් හා අවධානමක්
එල්ල කරමින් තිබියදී, මාතර රුහුණ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල සිසුන් රඳවාගෙන සිටීම බරපතල කාරණයක් බවට පත්ව ඇත.
 
Upul Nishanthaමාතර රුහුණ විශ්ව විද්‍යාලයේ මෙම තත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කර, එය නිසි පරිදි කළමණාකරණය කිරීමට අදාල බලධාරීන් නොපමාව යොමු කරන්නැයි මාතර හිටපු නගරාධිපති සහ මාතර එජාප ප්‍රධාන සංවිධායක, උපුල් නිශාන්ත සුභාවික්‍රම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
මාතර නගර සභාවේ විපක්ෂ නායකවරයා වන ඔහු එම ඉල්ලීම සිදුකර ඇත්තේ, අද දින (05) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමිනි. 
 
'කොවිඩ් 19' වසංගතය මේ වන විට සමස්ථ ලාංකීය සමාජයේ හදවතටම දැඩි තර්ජනයක් හා අවධානමක් එල්ල කරමින් ඇති බවත්, මේ වන විට මාතර ද මෙම අවධානමට මුහුණදෙමින් සිටින බවත් පෙන්වාදෙන මාතර නගර සභාවේ විපක්ෂ නායකවරයා, මෙම වසංගතය පරාජය කිරීමේ දී රෝගයට ගොදුරුවන ජනතාවගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරනවා මෙන්ම, රෝගය බෝවීම පාලනය කරගනිමින් එය නතර කරගැනීම ඉතාමත් වැදගත් බව පැහැදිලි සත්‍යයැයි තමා විශ්වස කරන බව කියා සිටියි.
 
 
ජනාධිපතිවරයා වෙත යොමුකර එම ලිපියේ ඔහු මෙසේද සඳහන් කර තිබේ. 
 
 
අදට දින දෙකකට පෙර වන විට මාතර පිහිටි රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් 20ක පමණ පිරිසක් ආසාධනයට ගොදුරුව ඇති බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. මේ වන විට රජයේ තීරණය අනුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නවතා වසා දමා ඇත. එනමුත් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාල නේවාසිකාගාර තුලම නිරෝධායනයට ලක්කර ඔවුන්ට සිය නිවෙස් කරා පිටව යාම තහනම්කර ඇත. 
  
මෙම තත්වය තුල විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරතුල රඳවා සිටින සිසුන් අතර අසහනකාරී හා අනාරක්ෂිත තත්වයක් උද්ගත වෙමින් තිඛෙන බව, එම දෙමාපියන්, සිසුන් හා කාර්යය මණ්ඩලයේ පිරිස් වෙතින් මට දැනගන්නට ලැබීමෙන් පසු සොයා බැලූවෙමි. 
 
නේවාසිකාගාර වලින් එලියට යාම තහනම්කර ඇති මෙම සිසුන්ට, පාලිකාවන් විසින් සකසන කොත්තමල්ලි දිනපතා ලැඛෙන අතර නිසි ආහාර වේලක් නොලඛෙන බව ද සම්පූර්ණ කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසුන උප කුලපතිවරයා සිසුන් පරීක්ෂාවට පැමිණෙන බවත් ඇතුලත තොරතුරු කිසිවක් එළියට ප්‍රකාශ කිරීම, සමාජ මාධ්‍යවල ප්‍රකාශ දැමීම උපාධිය පවා අහිමි වියහැකි වැරදි බවට නොනිල තර්ජනයන් සිදුකරන බවද ඔවුන් මා වෙත ප්‍රකාශ කලේය. 
 
මෙම නේවාසිකාගාර ප්‍රදේශ වෙත සාමාන්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද ඇතුල්වීම තහනම් කර ඇත. මේ අතර කාර්ය මණ්ඩලයේ රාජකාරී පැමිණීම 50% චක්‍රලේඛය උල්ලන්ගනය කරමින් කටයුතු සිදුවන බවට ද අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පිරිස් චෝදනා කලේය. 
 
සරසවියේ පවතින්නේ දැඩි හිතුවක්කාරී හා ඒකාධිපති පාලනයක් බවත්, චක්‍රලේඛ හා හැම නීතියක්ම තමන්ට අදාල නොවන බවත් උපකුලපතිවරයා නිතර ප්‍රකාශකරන බවත් ඔවුහු චෝදනා කලහ. 
 
මේ පිළිබඳව උපකුලපතිවරයාගෙන් විමසීමේ දී පැමිණි සරසවි සිසුන් නැවත නිවෙස්කරා නොයැවූ බවත්, එම තීරණය ගනු ලැබුවේ එම දෙමාපියන්ගේ ආරක්ෂාවට මෙන්ම එම ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පහසුව පිණිස බවත්, සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් සිදුවන බවත් කී ඔහු 50% චක්‍රලේකය කොටසකට ක්‍රියාත්මක කර ඇති බවත් මා සමග කීය. 
 
සරසවි නේවාසිකාගාර තුල සිටින සම්පූර්ණ සිසුන් ගණන ප්‍රකාශ කිරීම උපකුලපතිවරයා මගහැරියේය. සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන පරිදි එය 500ක් පමණ වියහැකි අතර මා වෙත වාර්ථාවන්නේ ප්‍රමාණය එයට වඩා ඉහල බවයි. ඔහු ජාතික කොවිඩ් මර්ධන කමිටුවක සාමාජිකයෙකු වන බව ද තවදුරටත් මට ප්‍රකාශ කලේය. 
  
මාතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විමසීමේ දී විශ්ව විද්‍යාල පරිපාලනයේ කොවිඩ් සම්බන්ධ ක්‍රියාකාරකම්වල ගැටලූ ඇති බවත්, ලබාදෙන ලද වාචික උපදෙස් ක්‍රියාත්මක නොකිරීම නිසා උප කුලපතිවරයා වෙත ලිඛිතව දන්වා යැවීමට ද කටයුතුකල බවත් මා සමග ප්‍රකාශකලේය. 
 
එසේම රඳවා සිටින සියළුම සිසුන් PCR පරීක්ෂණයට යොමු කිරීමේ හැකියාවක් තමන්ට මේ මොහොතේ නොමැති බවත්, අනවශ්‍ය ලෙස සියලූ සිසුන් මෙසේ  රඳවා තබාගැනීම අනුමත නොකරන බවත් ඔවුන් කියයි.  
 
එසේම, මගේ විමසීමෙන් පසු උප කුලපතිවරයා විසින් සකසන ලද පිටු කිහිපයකින් යුතු වාර්ථාවක් මා වෙත එවා තිබූ අතර, එහි පැහැදිලිව සඳහන් වන්නේ 19.04.2021 දින අවුරුදු නිවාඩුවෙන් පසු පැමිණි සිසුන්, විශ්ව විද්‍යාල වසා දැමූ පසු නැවත හරවා නිවාස වලට නොයැවූ බවයි. 
  
එහි වැඩි දුරටත් සඳහන් වන්නේ 3000ක් පමණ වන පිරිසක් නැවත හරවා යැවීම සමාජයට අනතුරු දායක බවයි. 
 
එසේම එක් සිසුවියක් අනවසරයෙන් නේවාසිකාගාරයෙන් පිටව නිවසට ගොස් PCR  පරීක්ෂණයක් සිදුකරගෙන සතියකින් නැවත පැමිණි බවත්, ඇයගේ PCR  වාර්ථාව 'පොසිටිව්' වූ බවත් තවදුරටත් සඳහන් වේ. මෙම තත්වයට හේතුව යොදවා තිබූ ආරක්ෂාවේ හිඩසක් බව ද ඔහු කියයි. 
 
මෙම සියලූ කරුණු උප කුලපතිවරයාගේ වාර්ථාව ද සමග ගෙන සලකා බලන විට තහවුරු වන්නේ, අධ්‍යයන කටයුතු නවතා ඇතිමුත් විශාල සිසුන් පිරිසක් නේවාසිකාගාර තුල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවත්, එය සිදුවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ උපදෙස් වලට ද පටහැනිව බවත්, මෙම පිරිස් අතර කොවිඩු 19 ආසාධිතයන් සිටීමේ වැඩි හැකියාවක් ඇති බවත්, එසේ නම් ඔවුන් අවධානමක සිටින බවත්, මෙම තත්වය තුල මෙම සිසුන් බලවත් අසහනයකට හා පීඩනයකට ලක්ව සිටීම සත්‍යයක් බවත්, විශ්ව විද්‍යාලයතුල රජයේ චක්‍රලේඛ වලින් පරිභාහිර ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවත්ය. 
 
එසේ දීර්ග කරුණු පැහැදිලි කිරීමක් කරන උපුල් නිශාන්ත සුභාවික්‍රම, මෙම තත්වය පිළිබඳ දැඩි අවධානය නොපමාව යොමුකරන මෙන් ජනාධිපතිවරයා ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
  
එසේම,  උප කුලපතිවරයා ප්‍රකාශ කරනා කරුණු එක් පැත්තකින් බලන කල කිසියම් සාධාරණත්වයක් පෙන්නුම් කරන බව පවසන මාතර නගර සභාවේ විපක්ෂ නායකවරයා, එහෙත් ඒ සඳහා ගතයුතු ක්‍රියා පිලිවෙතක් ඇතැයි ද පෙන්වාදෙයි.
 
ඒ සම්බන්ධයෙන් ඔහු සිය ලිපියේ තව දුරටත් මෙසේද සඳහන් කර තිබේ.
 
 
'' මෙම සිසුන් නොපමාව වෛද්‍ය පරීක්ෂණයට ලක්කර කොවිඩ් ආසාධනය වූවන්, ආශ්‍රිතයන් හා ආසාධනය නොවූවන් හඳුනාගත යුතුය. නිරෝධායනයට ලක්කලයුතු අය රජයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව නිරෝධායනය කලයුතුය. 
 
ඒ සඳහා සුදුසු මධ්‍යස්ථානයක් හෝ සරසවි නේවාසිකාගාරයක් හෝ වෙන්කර අදාල විෂය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය කලයුතුය. ඔවුන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතුය. 
 
එසේ සිදු නොකරමින්, තරුණ සිසුන් පිරිසක් 'සිරකර තැබීම' අතිශයින්ම කණගාටුÞයකය. 
 
මට සිහිවන්නේ උතුරු කොරියාවේ හැසිරීම් රටාවන් හා හිට්ලර් යුගයේ මානව පරීක්ෂණාගාරයන්යන් සහ පරීක්ෂණාගාරයක මීයන්ය. මේ දොරගුලූ ලා වසා අවධානමට හෙලා ඇත්තේ මේ රටේ දහස් ගණනක් අහිංසක දෙමාපියන්ගේ ප්‍රාර්ථනයන්ය. අපේ රටේ අනාගතයේ කොටසකි. මෙම තත්වය තුල එම සිසුන්නුත්, මාතරත්, රටමත් අනතුරකට පමුණුවා ඇත.
  
මාතර රුහුණ විශ්ව විද්‍යාලයේ මෙම තත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කර, එය නිසි පරිදි කළමණාකරණය කිරීමට අදාල බලධාරීන් නොපමාව යොමු කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් නැවතත් ඉතාමත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින බව මාතර නගර සභාවේ විපක්ෂ නායකවරයා කියා සිටියි. 
 
 
 
උප කුලපතිවරයාගේ පැහැදිලි කිරීම :

 

HE 1 1HE 1 2HE 1 3HE 1 4


 

 

THE LEADER TV 

කොවිඩ් මරණ: හේමසිරිට, පූජිත්ට බෙදන හැන්ද වත්මන් බලධාරීන්ට අදාළද?

 

 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්