කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ රටත් ජනතාවත් බරපතල අනතුරකට මුහුණදී සිටින බව අවධානනය කරමින්, වහාම කැබිනට් මණ්ඩලයට බලතල දෙන ලෙස හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල්
වික්‍රමසිංහ විසින් ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමක් නිසා වියහැකි යයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැක මතුකරමින් සිටිති.
 
එවැනි සාධාරණ සැකයක් මතුව ඇත්තේ, ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය මුළුමනින් ම නොතකා හරිමින්  ඔහුගේ සමීපතමයන් කිහිපදෙනෙකු සමග එක්ව රට පාලනය කරමින් සිටින බවට ආණ්ඩුවේ ප්‍රබලයින් වෙතින් කනස්සල්ලක් පළවෙමින් තිබෙන තත්ත්වයක් තුලය. 
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු පැවසුයේ, ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩල සාමාජිකයින් අතර විශාල දුරස්භාවයක් තිබෙන බවයි. 
 
සිය අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටිමින් ඔහු තවදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරයා, යුධ  හමුදාපතිගේ හා ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ අදහස් වලට ප්‍රමුඛත්වයක් දෙන බවක් පෙන්න තියනවා කියාය. . 
 
'' කොටින්ම දැන් ජනාධිපති ලේකම්වත්, අපේ අගමැතිතුමාගේ ටෙලිෆෝන් කෝල් වලට ආන්සර් කරන්නේ නැ. ඇත්තටම ජනාධිපතිතුමා අපෙන් වැඩක් ගන්නේ නැහැ. අපි පැත්තකින් තියමුකෝ ඔය වියත්මගේ කට්ටියවත් පැත්ත පළාතක වැද්දගන්නේ නැහැනේ. අඩුම ගානේ මහින්දනන්දලා කියන දෙයක් වත් ගණන් ගන්නේ නැහැ. '' යයි පැවසු එම අමාත්‍යවරයා , '' අපිව ගණන් ගත්තේ නැතුවට දැන් සජිත්ව තමයි ලොකුවෙලා තියන්නේ '' යයි වැඩිදුරටත් කියා සිටියේය. 
 
 
ආණ්ඩුව තුළ එවැනි අභ්‍යන්තර අර්බුදයක් මතුවෙමින් තිබියදී, එජාප නායකයා ඊයේ සිය විශේෂ ප්‍රකාශයේදී මෙසේද පැවසිය. 
 
 
''වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් ජීවිත රැසක් නැතිවීමේ බරපතල තත්ත්වයක් මතුව තියනවා. දැන්මම ක්‍රියාකළේ නැතිනම් ජිවිත ගණනාවක් නැති වෙන්න පුළුවන්. අපි කියන්නේ කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න. ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම බාර ගන්න. '' 
 
 
රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ වගකීම අරගන්න. එතන පළපුරුද්දක් තියෙන අය ඉන්නවා. ඒ අනුව ක්‍රියාකරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.
 
මේක ආණ්ඩුවේ නම බේරා ගන්න සටනක් නොවෙයි. ඒ වගේම මේක දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයටයි. 
 
 ජනාධිපතිතුමාත්, කැබිනට් ඇමතිවරුත්, අපේ ජනතාව මෙම වසංගතයෙන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගත යුතුයි. 
 
කොවිඩ් පාලනයට තියෙන කමිටු අසාර්ථක වෙලා තියෙන්නේ. මෙහි බරපතලකම ගැන කලින් කීවාට එකක්වත් එතනින් ක්‍රියාත්මක වෙලා නෑ. ජනතාවගේ විශ්වාසය නැති වෙලා. '' හිටපු අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 
 

###############
 
 
 
 
 

                                          THE LEADER TV 

 
 
ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?
 

 

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවදානමක් - වොෂින්ටයෙන් අනාවැකියක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image