1200 x 80 DMirror
 
 

සංචරණ සීමා පනවා ඇති කාලයේදී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් සිය අත්සන යොදා අවසර පත් නිකුත් කර ඇතැයි 'ලංකාදීප' වාර්තා කරයි.
 
 අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන අවසර පත්‍රය නමින් මන්ත්‍රීවරයා නිකුත් කරන අවසර පත්‍රවල පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ජංගම දුරකතන අංකය සහ නමද සඳහන් කරන අතර ඒවා ලබාගත් පුද්ගලයන් ඉකුත් දිනවල දිස්ත්‍රික් සීමා පැන වව්නියාවට පවා ගොස් ඇතැයිද වාර්තාවේ.
 
සංචරණ සීමා පනවා ඇති කාලයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමේ අවසර පත් නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පමණක් හිමිවන අතර නීති රීති උල්ලංඝනය කරමින් අලිසබ්රි රහීම් මන්ත්‍රීවරයා අවසර පත් නිකුත් කිරීම පිළිබඳව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු දැඩි අප්‍රසාදය පළකරති.
 
අලිසබ්රි රහීම් මන්ත්‍රීවරයා අවසර පත්‍ර නිකුත් කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හෝ ආරක්ෂක අංශ හෝ දැනුවත් කර නැතැයිද පැවසේ.
 
 
 

Screenshot 2021 05 24 at 19.03.24

 
මේ පිළිබඳව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා ගෙන් 'ලංකාදීප' කළ විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ, එය කිසිදු ලෙසකින් නීත්‍යානුකූල නොමැති බවත් එසේ ලබාදී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු කඩිනමින් කිරීමට සූදානම් බවත්ය.
 
ඒ පිළිබඳව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ජී.එස්. ජයමහ ගෙන් 'ලංකාදීප' කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ, අදාළ මන්ත්‍රීවරයා මෙම සංචරණ කාලසීමාවලදී ගමන් කළ හැකි පුද්ගලයන් පිළිබඳව තමන්ගෙන් දුරකථනයෙන් විමසා සිටි බවත් එහිදී කුඹුරුවලට හා තෝරා ගත් අනිකුත් කටයුතුවලට නිසි අවසරයකින් පමණක් ගමන් කළ හැකි බව තමන් දැනුම් දුන් බවයි.
 
එසේ නොමැතිව තමන් කිසිදු ලෙසකින් මේ සඳහා අවසරයක් හෝ දැනුම් දීමක් නොකළ බවද ඔහු අවධාරණය කර තිබේ.
 
කෙසේ නමුත් මන්ත්‍රීවරයා කර ඇති මෙම කටයුත්ත දැනගත් විගසම එය වහාම නවතා දැමීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියි.
 
මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීමට මන්ත්‍රීවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද දුරකථන ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
 
අලිසබ්රි රහීම් පසුගිය මහ මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට පත්විය. 
 
කෙසේවුවද විසිවන සංශෝධනය සම්මතකර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් ඔහුව තමන්ගේ ග්‍රහණයට ගනු ලැබිය. 
 
 කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කිරීම නිසා අලිසබ්රි රහීම් මන්ත්‍රීවරයා ඉකුත්දා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.
 
 
###############
THE LEADER TV 

  
GMOA ලැජ්ජයි! සෞඛ්‍ය අංශ හඬනගයි!
 

 
 
සබ්රිගේ මිස්ටේක් ගැන බැසිල් ඇලට් එකේ

subscribeYT

subscribeYT

නවතම පුවත්