2017 වසරෙහිදී රොමාන් පෙට්රොසොවිච් අත්අඩංගුවට ගැනීම.
 
 රාපක්ෂවරුන්ගේ අන්තර් ජාතික මිත්‍රයකු සැළකෙන බෙලරුස්හි (Belarus) ජනාධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝ
(Alexander Lukashenko) විසංවාදී මාධ්‍යවේදියකු ගමන්ගත් ගුවන් යානයක් බලයෙන් බස්සවා ඔහුව අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය කළඹවන සිදුවීමක් බවට පත්ව තිබේ.
 
බෝම්බයක් ඇතැයි බොරු අනතුරු ඇඟවීමක් කරමින්, තම රටට ඉහළින් පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානයක් බලෙන් ගොඩබැසීමට සලස්වා, එහි සිටි මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගැනීමට බෙලරූස් ජනාධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝ කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
 එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 26 හැවිරිදි බෙලරූස් ජාතික මාධ්‍යවේදී රෝමන් ප්‍රොටසෙවිච්ය (Roman Protasevich) . මොහු සමාජ ක්‍රියාකාරියකු ලෙස ප්‍රකටය.
 
 
 
000343 c5fc3c758572dc0c822654d1fc0c162a
මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයෙහි ඔහු බෙලරුසියාවට ගොස් ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝ ගේ හමුවී ගිවිසුම් කිහියපක්ම අත්සන් කළ අතර ඔහුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනයක්ද කළේය.
 
 
පසුගිය පෙබරවාරි-මාර්තු මාසයන්හි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසැවාරයේදී ශ්‍රී ලංකාවට පක්ෂව සහයදුන් රටවල් අතලොස්ස අතරින් එකක් වූයේද ලුකෂෙන්කෝගේ බෙලරුසියාවයි.
 
අත්අඩංගුවට ගෙන ඇති රොමන් පෙට්රොසොවිච් නම් මෙම තරැණ මාධ්‍යවේදියා, ලුකෂෙන්කෝගේ අඥාදායක පාලනයට විරුද්ධව දෙවසරක් තරම් කාලයක් සටන් කරන බෙලරුසියානු ජනතාවට 'නෙස්ටා' නම් අන්තර් ජාල නාලිකාවක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේය. 
 
'නෙක්ස්ටා' පුවත් සේවය ඔවුන්ගේ පුවත් ජනතාව අතරට ගෙනයන්නේ 'ටෙලිග්‍රෑම්' නමැති 'වොට්ස්අප්' වැනි පණිවුඩ හුවමාරු සේවය ඔස්සේය. ඒ, 'ටෙලිග්‍රෑම්' පුවත් බෙලරූස් බලධාරීන්ගේ වාරණයට ලක් කළ නොහැකි ආකාරයටය.
 
 
 113900432 9955bad6 22d8 4155 a83f 0a366e6cddb4
Belarusian Telegram Channel NEXTA
 
 
බෙලරුසියාව තුළ නිදහස් ජනමාධ්‍ය සහමුලින්ම වාගේ මර්දනය කර ඇති තත්වය තුළ මෙම නෙක්ස්ටා නාලිකාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැරෙන මහජන අරගලයට වේදිකාවක් සපයයි.
 
රොමන් පෙට්රොසොවිච් ශ්‍රීසියේ පැවැති සමුළුවකට සහභාගි වී දැන් ඔහු ජීවත්වන ලිතුවේනියාව කරා 'ලයන් එයාර්' ගුවන් සමාගමේ අංක එෆ්.ආර්. 4978 යානයෙන් ගමන් කරමින් සිටියේ පසුගිය ඉරිදා එනම් 25වනදාය. 
 
එම ගුවන් යානය ලිතුවේනියානු ගුවන් සීමාවට ආසන්නවත්ම බෙලරුස් ගුවන් හමුදාවේ මිගි 29 යානා පැමිණ එයන් එයාර් ගුවන් යානය වහාම ළගම ඇති මින්ස් ගුවන් තොටුපළට බස්සවන ලෙස දැනුම්දෙන ලදී.
 
 
 
 
මෙය සම්පූර්ණයෙන්ම ගුවන් ගමන් නීති උල්ලංඝනය කිරීමක් වන අතර යුරෝපා සංගමය සහ එහි යුද හවුල වන නැටෝව මේ ගැන සාකච්ජා කීරීමට රැස්වීමක්ද කැඳවා තිබේ. 
 
ගුවන් යානාව පැහැර ගැනීමක් :
 
 
 
මෙළෙස කවර හෝ රටකකට ගුවන් යානාවක් බලයෙන් බස්සවා ගත හැති නම් ලෝකයෙහි අන්තර් ජාතික ගුවන් ආරක්ෂාව නැතිවනු ඇත.
 
මෙය සැළකෙන්නේ ගුවන් යානාවක් පැහැර ගැනීමක් ලෙසය.
 
ඒ අනුව බස්සවන ලද ගුවන් යානයේ සිටි රෙමාන් පෙට්රොසොවිච් අත්අඩංගුවට ගැනුනි. 
 
ඔහුට විරුද්ධව බොරු නඩු අටවා අත්අඩංඟුවට ගැනීමට 2019 වසරෙහි දරන ලද ප්‍රයත්න නිසා ඔහු ලිකුවේනියාවට පැන ගියේය. දැන ඔහු ජීවත්වන්නේ එරටය.
 
 
 

Screenshot 2021 05 25 at 14.20.22Roman Protasevich, 26, worked for Poland-based online news service NEXTA. Picture taken April 10, 2017 [Stringer/ Reuters]

 
 
මේ වන විට 'නෙක්ස්ටා' නාලිකාවට මිලියන 1.5ක් අනුගාමිත්වයක්  තිබේ. එහි ආම්භක කතුවරයා වූ රොමාන් දැන් එහි සේවය නොකරන මුත් බෙලරුසියානු ආණ්ඩුව ඔහු සළකන්නේ ත්‍රස්තවාදියකු ලෙසය. 
 
බෙලරූස් ජනාධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝගේ දූෂණ වංචා බෙලරූස් ජනතාවට අනාවරණය කළේත්, ලොවට අනාවරණය කළේත් ප්‍රොටසෙවිච්ය. ජනාධිපති ලුකෂෙන්කෝගේ උදහසට ලක් වූ ප්‍රොටසෙවිච්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙමින් තිබුණි. 
 
විසිවසරක් සිර ගතකළ හැකි චෝදවා ඔහුට විරුද්ධව නගා තිබේ.
 
 
 
පෙම්වතියත් අත්අඩංගුවේ !
 
 
 
 
60ac1712a412370019d31b75
ඔහු සමඟ ගමන් ගත් ඔහුගේ පෙම්වතියද අත්අඩංගුවට ගෙන ඇත. 
 
 
 
 ගුවන් යානය බලයෙන් මින්ස් කරා ගොඩ බස්සවන බව දැනගත් වහාම ඔහු සිය ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය ඇයට දී තිබේ. නමුත් ගුවන්යානයට මගීන් ලෙස ගොඩවී සිටි බෙලරැස් කේජීබී ඔත්තුකරුවන් ඔවුන් දෙස ඇහැ ගසාගෙන සිටි බැවින් ඇයද එම උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
 
බෙලරුසියානු ගුවන් යානාවන්ට යුරෝපීය ගුවන සහ ගුවන් තොටුපල තහනම් කිරීමට යුරෝපා සංගමය පියවර ගනු ඇතැයි විශ්වාස කැරේ.
 
 
 

87741 BLR200819LUKASHENKOPUTINReuters 1599834777090       රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.

 
 
අඥාදායක මියන්මාරයේ සහ උතුරු කොරියාවෙහි ආරක්ෂකයා බවට චීනය පත්ව ඇති සැටියෙන්ම ආඥාදායන ලුකෂෙන්කෝගේ ආරක්ෂකයා වන්නේ රුසියානු නායක පුටින්ය.
 
බෙලරූසය (ධවල රුසියාව) යනු අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසකි. 
 
වර්තමානයේ, රුසියාවේ සහාය බෙලරූසයට හිමිවන අතර, 1994 වසරේ සිට බලයේ රැදී සිටින 66 හැවිරිදි බෙලරූස් ජනාධිපති, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.
 
 
 
(උපුටා ගැනීම් -srilankabrief.org )
 
 
###############
THE LEADER TV 

ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?

 

නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්