leader s

 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
මහින්ද රාජපක්ෂගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ. 
 
එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන් වන අන්තර්ගතයක් පැවති අතර එම අන්තර්ගතය හරහා තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එහිදී සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගනු ලබන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රීයව පරිගණකයට හෝ ජංගම දුරකතනයට භාගත වීමක් සිදුවූ බවක් හදුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.
 
මේ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ අගමැතිවරයාගේ නිළ වෙබ් අඩවිය හැකරුන්ගේ ප්‍රහාරයකට ලක්ව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන මේවනවිටත් ආරම්භකර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසිය. 
 
 
###############
THE LEADER TV 
 
 

මේරි කොම් පරදී : නාමල් අගමැති!

 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්