අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) විසින් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රජිව් මැතිව්  අත්අඩංගුවට ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වන රජිව් මැතිව් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමිනි.
 
 
ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවිය දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් පසුගිය 04 දා  උදැසන මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබු අතර එම පුවත අසත්‍යයයි පවසමින් ජනාධිපති කාර්යාලය විසින් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිලි කර තිබිණ.
 
 
ඒ අනුව කරනු ලැබූ කැඳවීමක් මත රජිව් මැතිව් පසුදා නීතිඥයකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදී තිබිණ.
 
 
කෙසේවුවද රජිව් මැතිව්ගේ මෑණියන් පවසන්නේ, අද පෙරවරුවේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් තම පුතා අත්අඩංගුවට ගෙන රැගෙන ගිය බවයි.
 
 
සමාජ මාධ්‍ය දඩයම ඇරඹේ !
 
 
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රජිව් මැතිව්  මෙසේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් රජය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති තත්වයක් තුලය.
 
 
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව මුලා කරවන පිරිස් සොයා විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට භාරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
 
 
එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් ඇති බවත් එම පුද්ගලයින් සොයන විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවත් ඔහු සදහන් කරයි.
 
 
නීතිඥයකු ද වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පවසන්නේ, යම් අයෙකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
 
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 

THE LEADER TV 

 

හිරු සලකුණට ගිය අජිත් රෝහණට 'ස' ගෙන් කුණු බැනුම්!

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්