වත්මන් ආර්ථික අර්බුද හමුවේ තම ව්‍යාපාර බංකොලොත්වීම හේතුවෙන් සිත්තැවුලට පත් ව්‍යවසායකයින් දෙදෙනෙකු සියදිවි හානිකර ගෙන ඇතැයි වාර්තාවේ.
මේ සියදිවි නසාගත් එක් අයකු ජාඇල ප්‍රදේශයේ පදිංචි ජෝර්ජ් අමිල යටන්වර නමැති ඉංජිනේරු උපාධිධාරියෙකි. ( ISO CAT II Qualified Vibration Analyst CBM Specialist )
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1991 වසරේදී උපාධිය ලබා SkyTek Holdings (Pvt) Ltd. නමින් ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් ඇති මොහු සියදිවි නසාගෙන ඇත්තේ ව්‍යාපාරය වෙනුවෙන් ගනුලැබූ බැංකු ණය ගෙවාගැනීමට නොහැකිවීමෙන් ඇතිවූ සිත්තවුලකින් බව වාර්තාවේ.
යාපනයේ ව්‍යාපාරිකයකුත් සියදිවි නසා ගෙන !
මේ අතර 'ලංකා ට්රුත්' වාර්තා කර ඇත්තේ, රටේ වර්තමාන සංචරන සීමා හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මුහුදු ආහාර ව්‍යාපාරිකයෙකු වාහන බදු ගාස්තු ගෙවීමට නොහැකිව මූල්‍ය ආයතන නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් සියදිවි නසාගෙන ඇති බවයි.
වඩමරාච්චි නැගෙනහිර උඩුත්තුරෛ ආලියවලෛ ප්‍රදේශයේ පදිචි දෙදරු පියෙකු වන 34 හැවිරිදි සිවලිංගම් සිවදරන් පසුගිය 07 වැනිදා මෙලෙස සියදිවි නසා ගෙන ඇත.
ඔහු මුහුදු ආහාර මිලදී ගැනීම හා විකිණීම සිදු කර ඇති අතර මූල්‍ය ආයතනයක බදු පදනම් මත වාහනයක්ද ලබාගෙන තිබේ.
දැනට රට තුළ ක්‍රියාත්මක වන සංචරන තහනම හේතුවෙන් ඔහුගේ ව්‍යාපාරික කටයුතු පසුබෑමකට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, මූල්‍ය ආයතනය ඔහුගේ නිවසට ගොස් මාසික ගාස්තුව ගෙවන ලෙස ඉල්ලා තිබේ. ඔහු දැනට තමා සතුව ඇත්තේ රුපියල් තිස්පන්දහසක් (රු. 35,000ක්) පමණක් බවත් තමාට ඉතිරි මුදල ලැබුණු විගස අදාල මුදල ගෙවන බවත් ඔහු සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මූල්‍ය ආයතන නිලධාරීන් ඔහුට තර්ජනය කර බැනවැදි තිබේ.
මෙම තත්වය තුළ බලාපොරොත්තු සුන් වී කම්පනයට පත් ඔහු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පේදුරු තුඩුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසයි.
එසේම වදිරි කරවෙට්ටි හි කොපසිං මයුරතන් නැමති 36 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 06 වනදා සියදවි හානිකරගෙන තිබේ. ඔහු රෝගී තත්යවකින් සිටි අයෙකු බවද වාර්තා වේ.
ඔහු දිනපතා කෝවිල්, නගර සහ පිටත දිස්ත්‍රික්කවලට යතුරුපැදියකින් ගමන් කරන්නෙකු බවත් පසුගිය සති දෙකක කාලය තුළ ඔහු නිවස තුළ සිටි නිසා සියදිවි නසා ගැනීමට යන බවට කලකිරීමට පත්ව කියා ඇති බවත් වාර්තා වේ.
සිරුරු දෙකම පරීක්‍ෂා කළ පේදුරු තුඩුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය කනකසබපති වාසුදේවන් මරණ පරීක්ෂණයෙන් පසු සිරුරු ඥාතීන්ට භාර දී ඇත.
###############

THE LEADER TV
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
.
ITN සභාපති : ජනපතිට හා අගමැතිට හයිය පෙන්නයි!