theleaderlk 01

පොලිස් අත්අඩංගුවේදී මිය ගිය තම තරුණ පුතුගේ මරණ පරීක්ෂණ වාර්තාව අභියෝගයට ලක් කරන මව්පියන්  නැවතත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණයට අභියාචනයක් ඉදිරිපත්  කර  තිබේ.
 ජුනි 3 බ්‍රහස්පතින්දා අළුයම පොලීසිය තුලදීම මියගිය විසි එක් හැවිරිදි චන්ද්‍රන් විදූෂන් ගේ මව්පියන් ජුනි 10 බ්‍රහස්පතින්දා දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානිගෙන් එම ඉල්ලීම සිදු කර ඇත.
 
 තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි කැඳවීම අද මඩකලපුව මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානිගේ නිල කාමරය තුළ සිදුවු අවස්ථාවේදී කේ. චන්ද්‍රන් පියාත් චන්ද්‍රන් ලිලී මාතාවත් පවසා ඇත්තේ සිය පුතුගේ සිරුර ගොඩගෙන විශ්වසනීය මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි බවයි.
 
 "අපිට කරන ලද මරණ පරීක්ෂණය පිළිබදව විශ්වාසයක් නෑ," යනුවෙන් අධිකරණයට දැනුම් දුන් බව ඔවුහු මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.
 
 චන්ද්‍රන් විදූෂන් පුතුට පොලීසිය අමානුෂික ආකාරයෙන් පහර දෙන ආකාරය තමන් දුටු බව පවසන ඔවුන් සැක  කරන්නේ ඔහුගේ මරණයට පොලිස් පහරදීම් හේතු වු බවටයි.
 
 
AddText 06 03 06.25.29 696x444
                                                   චන්ද්‍රන් විදූෂන් 
 
 
 ජුනි 2 බදාදා රාත්‍රියේ මඩකලපුවේ ඉරුදයපුරම්හිදී මඩකලපුව පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් චන්ද්‍රන් විධූෂන් පොලිසියට ගෙන ගොස් ඇත්තේ පසුදා අළුයම 1.30 ට බව දෙමාපියෝ වැඩි දුරටත් සඳහන් කරති.
 
 කේ. චන්ද්‍රන් පියාත් චන්ද්‍රන් ලිලී මාතාවත් මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානිට දැනුම් දී ඇත්තේ සිය පුතුට යුක්තිය පතා ඉහළ අධිකරණයකට වුවත් යාමට තමන් සුදානම් බවයි.
 
 චන්ද්‍රන් විධූෂන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනාත් අද සාක්ෂි ලබා දීමට පැමිණ ඇති බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
 
 
 
තරුණයාගේ  මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී අරසරත්නම් ඉලන්ගෝවන්  පසුගිය සතියේ පලාත්බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ තරුණයාගේ මරණයට හේතුව අයිස් නම් මත් ද්‍රව්‍ය අඩංගු පැකට් හතරක් ගිලීම බවයි.
 
 
 
පොලිස් අත්අඩංගුවේදී සිදු වු මරණය මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදු වු බවට සිදු කෙරෙන ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරන චන්ද්‍රන් විධූෂන්ගේ නැගෙනිය වන චන්ද්‍රන් කැරොලයින් මීට ඉහතදී පවසා තිබුනේ සිය සහෝදරයාට මාරාන්තික ප්‍රහාර එල්ල කරන ආකාරය තමන් දුටු බවයි.
 
 
 
"මේ කට්ටිය කියන්නේ බොරු. මගේ අයියට යුක්තිය දෙන්න ඕනෙ. ඒ දේ වෙනකම් මම නවතින්නේ නෑ. මගේ අයියා මැරෙනකම් ගුටිකනවා මම දැක්කා"
 
 පොලිස් නිලධාරීන් සිය සහෝදරයාට අමානුෂික ලෙස පහර දුන් ආකාරය ඇය මාධ්‍යවේදීන් හමුවේ කඳුළු සලමින් විස්තර කර තිබුනාය.
 
 "එයාව උස්සල පොලවෙයි බිත්තියෙයි ගැහුවා. බිත්තියත් පුපුරලා. ඒගොල්ලන්ට එච්චර හයියක් තියෙනවද?"
 
 
 
dfgfhn 
 
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් තරුණයාට පහර දෙන ආකාරය ගම් වැසියන් විසින්ද දැක තිබෙන බවයි.
 
 “ඔලුවෙයි, බෙල්ලෙයි තුවාල පේන්න තියෙනවා,” යි මිය ගිය තරුණයාගේ මාමා මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
 
 ජුනි 3 බ්‍රහස්පතින්දා රාත්‍රි 8 ට පමණ මඩකලපුවේ ඉරුදයපුරම්හිදී පිහිටි චන්ද්‍රන් විධූෂන්ගේ නිවසට ගෙනවිත් තිබු දේහය ජුනි 4 සිකුරාදා උදෑසන භුමදානය කර තිබුනි.
 
 තරුණයාගේ  අවසන් කටයුතු සිදු කෙරෙන දිනයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මඩකලපුව පොලීසිය විසින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක්ද ලබා ගෙන තිබුනි.
 
 
 

 
පොලිස් අත්අඩංගුවේ සිටියදී  සිදුවු ඝාතන හතරක් මේ වසර තුලදී වාර්තා වී තිබේ.
 
 
පොලිස් වධහිංසාවලින් පුද්ගලයන් මිය යාමේ රැල්ල නැවැත්වීමට වහා  පියවර ගන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඒ සදහා මැදිහත් වන්නැයි වධහිංසාවට සහ වෙනස් කෲර අමානුෂික සැලකිලි සහ දඬුවම් සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාගෙන්ද  පසුගියදා ඉල්ලා තිබුනි.
 
 

 
සබැඳි පුවත්:
 
 
 
THE LEADER TV
 
"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !
 
 
 
බැසිල් සුළඟ කරළියට... 
 

නවතම පුවත්