2020 ඔක්තෝබර් මස 13 දින සිට සීනි ආනයන සඳහා බලපත්‍ර ක්‍රමය හඳුන්වා දුන් අතර මේ වන විට ශත 25 තීරු බද්ද යටතේ සීනි ටොන් 570,000 ක් පමණ මෙරටට ආනයනය කර ඇති බව පිටකොටුවේ වෙළඳපළ
ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ වුවද මෙම සතියේ සිට සීනි ආනයනය සඳහා ආනයන බලපත්‍ර ලබා දීම ආනයන අපනයන පාලක විසින් නතර කර ඇති බව තොග වෙළඳුන් සඳහන් කරන අතර එක්තරා බහු ජාතික සමාගමකට පමණක් ටොන් 27,000 ක් ආනයනය කිරීම සඳහා අවසර දී තිබේ.
එම සීනි රැගත් නෞකාව ලබන සතියේ වරායට පැමිණීමට නියමිතය.
මේ නිසා බහාලුම් භාවිතයෙන් සීනි ආනයනය කරන තොග වෙළඳුන්ට දැඩි අසාධාරණයක් වන බව ද ඔවුන් පෙන්වා දෙති.
පාම් ඔයිල් සහ පිරිපහදු කරන ලද පාම් තෙල්:
මේ අතර පිරිපහදුව සඳහා ආනයනය කරනු ලබන පිරිපහදු නොකරන ලද පාම් ඔයිල් සහ පිරිපහදු කරන ලද පාම් තෙල් සඳහාද බලපත්‍ර නිකුත් කිරීම ද නවතා ඇත.
එහෙත් එක්තරා බහුජාතික සමාගමකට පමණක් පසුගියදා බලපත්‍ර ලබා දී ඇති අතර ඔවුන්ගේ අදාළ තෙල් තොග ආනයනය කිරීමෙන් පසුව බලපත්‍ර නිකුත් කිරීම නතර කිරීම වෙළඳපොළ ඒකාධිකාරයක් පවත්වාගෙන යාමට වක්‍රාකාරයෙන් ඉඩ ප්‍රස්ථාව සලසා දීමක් බවද පිටකොටුව වෙළඳ සංගමයේ නියෝජිතයන් ප්‍රකාශ කරති.
රජයේ මෙම අසන්විදිත ප්‍රතිපත්තිය නිසා සුළු සහ මධ්‍යම පරිමාණයේ වෙළඳුන් ආනයන වෙළඳාමෙන් ඉවත් කෙරෙන අතර මහා පරිමාණ වෙළඳුන් කිහිප දෙනෙකු පමණක් මෙම බලපත්‍ර ක්‍රමය උපරිමයෙන් භාවිතා කරන බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් පැවසීය.
තවදුරටත් කරුණු දැක්වූ පිටකොටුව වෙළඳ සංගමයේ නියෝජිතයකු පැවසුයේ, මේ වෙනවිටත් ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳාමත් තොග වෙළඳාමත් යන දෙකම බහු ජාතික සමාගම් කිහිපයක ග්‍රහණයට නතු වී ඇති බවය.
කොරොනා වසංගතය පැවතියදීත් ඉතා නින්දිත අයුරින් මෙම බහු ජාතික සමාගම් පාරිභෝගිකයන් ගසා කමින් සිටියි.
පිටකොටුවේ වෙළදුන් සහ සතොස ආයතන විසින් වෙළඳපල පාලනය කළ සමයේ වෙළඳපොලෙහි දැඩි තරඟයක් පැවතුන අතර එතුලින් ජනතාවට සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබිණ.
අප වෙත තව දුරටත් කරුණු පැහැදිලි කළ පිටකොටුව වෙළඳ සංගමයේ නියෝජිතයා සඳහන් කළේ, පොල් තෙල් අර්බූදයත් සීනී අර්බූදයත් සමඟ සුලු වෙළෙන්දන් රාශියක් ආනයන වෙළඳාමෙන් ඉවත් කෙරුණ බවයි.
ජීවන වියදම් කමිටුවේ රැස්වීම් සඳහා ජනාධිපතිවරයා සහභාගි නොවීම නිසා ඔහු මේ කිසිවක් නොදන්නවා වියහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
THE LEADER TV
සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට?
වෙන්න ජනාධිපති නාමල් - අගමැති විමල් ?