ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පහර ගැසීමට තරම් හයියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාට ලැබුන ආකාරය වහාම
සොයාබැලිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
 
ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් බව පෙනීයයි.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
ඉන්ධන මිල ඉහළ නංවන්නට සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් විසින් නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
 
 
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද පවසන්නේ, ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් බවත්, තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බවත් ය. 
 
 
Screenshot 2021 06 13 at 19.14.33
                                                           සමාජ මාධ්‍ය පොස්ටුවක්
 
මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මුලසුන ගත් ජීවන වියදම් කමිටුව විසින් බව කී ඇමතිවරයා, එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂගේ එකඟතාව ලැබුන බව කියයි.
 
එම අනුකමිටු රැස්වීම සඳහා ජනාධිපති, අගමැති, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, වෙළෙඳ කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන අමාත්‍යවරුන් සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස තමන් ද එක්වූ බව ඔහු කියා සිටියේය. 
 
තමා මිල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්  පැමිණියේ අගමැතිතුමාගේ නියෝජිතයා විදියට බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
 
සාගර කාරියවසම් මෙම නිවේදනයෙන් පහර දී ඇත්තේ තමාට නොව, එතුමාගේ පක්‍ෂයෙන් බිහි කළ එකම ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්‍ෂට හා එහි සදාදර නායක මහින්ද රාජපක්‍ෂට යැයි ද ගම්මන්පිල කීවේය.
 
 
ඉතිහාසය පුරා තෙල් මිල වැඩිකළේ මුදල් අමාත්‍යාංශය බව කී ගම්මන්පිල අමාත්‍යවරයා, එය ප්‍රකාශයට පත්කිරීමේ අවදානම් කාර්යය තමා ස්වේච්ඡාවෙන් භාරගත්තේ ජනාධිපති හා අගමැති ආරක්‍ෂා කරගැනීමට අවශ්‍ය නිසා යැයි ද පැවසීය.
 
මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට අවසරය දුන්නේ කවුදැයි යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විසින් රටට හෙළිකර යුතු බව කියා සිටි උදය ගම්මන්පිල අමාත්‍යවරයා, එම නිවේදනය සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තමන්ට කතා කරමින් ඔවුන් කිසිවෙකුත් ඊට අනුබල නොදුන් බවට ප්‍රකාශ කර සිටි බවද කියා සිටියේය. 
 
බලශක්ති අර්බුදයට වගකිව යුත්තේ තමා බව ඔප්පු කළ හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි තමා සාගර කාරියවසම්ට ආරාධනා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
  
 
 
  
##########
 
THE LEADER TV 
ගම්මන්පිලට ගහන්න ගිය පොහොට්ටු ලේකම් ඉල්ලා අස්වෙයි?
මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්