ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 72 වන උපන්දිනය ජුනි 20 වන දිනට දී ඇත. 
 
ඩී.ඒ. රාජපක්ෂ සහ දන්ධිනා රාජපක්ෂ දෙමාපියන්ට දාව ගෝඨාභය රාජපක්ෂ ජන්මය ලැබුවේ 1949 ජුනි 20 දාය. 
 
කෝවිඩ් 19 පළමු රැල්ල පැවති පසුගිය වසරේ දී මෙන්ම මෙවරද ඔහු චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය 72 වන ජන්ම දිනය සැමරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
 
මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, නිරෝධායන නීති වලට අනුකුලව ජනාධිපතිවරයාගේ ජන්ම දිනය ආගමික වතාවත් කිහිපයකට පමණක් සිමාවනු ඇති බවයි.
 
19 වෙනිදා රාත්‍රීයේ අනුරාධපුරයේදී විශේෂ ආගමික වතාවක් කිහිපයක් සංවිධානය කිරීමට මිට ඉහතදී තීන්දු කර තිබිණ. ඒ, යුධ හමුදාපතිවරයාගේ මුලිකත්වයෙනි.
 
ඉන් අනතුරුව කතෝලික හා මුස්ලිම් වතාවත් කොළඹදී සිදුකිරීමට යෝජනා වී තිබිණ.
 
ඒ අනුව, ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරන් වන අමාත්‍යංශ ලේකම්වරයකු වන සිරිනිමල් පෙරේරා සහ ජොනි ප්‍රනාන්දු කතෝලික ආගමික වැඩසටහන් සංවිධානය කිරීමටත් මුස්ලිම් ආගමික වැඩසටහන සංවිධානය කිරීම ප්‍රකට ව්‍යාපාරිකයකු වන සම්රාස් ජෙහියා විසින් ද බාර ගෙන තිබු බව පැවසේ.
 
ජනාධිපතිවරයාගේ 71 වන උපන්දිනය වෙනුවෙන් පසුගිය වසරේ ද කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ ආගමික වැඩසටහන සංවිධානය කර තිබුනේ සම්රාස් ජෙහියා විසිනි.
 
 
##########
 
THE LEADER TV 
 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!
 
 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්