මඩකලපුවේ පොලිස් අත්අඩංගුවේ මරුමුවට පත්  දෙමළ තරුණයකුගේ මළ සිරුර විශේෂඥ අධීක්ෂණයෙන් සඳහා ගොඩගැනීමෙන් අනතුරුව වැඩි දුර පරීක්ෂණ සඳහා පේරාදෙණියට ගෙන ගොස් තිබේ.
ජුනි 21 සඳුදා දහවල් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී රිස්වාන්, විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි  එච්.පෙරේරා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා අධ්‍යාපන අංශයේ ප්‍රධානී මහාචාර්ය සරච්චන්ද්‍ර කොඩිකාර ඉදිරියේ මළ සිරුර ගොඩගෙන ඇත.
 
 ගොඩ ගත් සිරුර චන්ද්‍රන් විදූෂන්ගේ බව ඔහුගේ දෙමාපියන් විසින් හැඬු කඳුලින් යුතුව තහවුරු කළ බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.
 
මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණය සිදුවූ බවට මුලින් දුන් අධිකරණ වෛද්‍ය වාර්තාවට අභියෝග කරමින් දෙමාපියන් දිගින් දිගටම  චෝදනා කළේ  පොලිසිය තරුණයාට වධ දී මරා දැමූ බවයි.
 
 
 
Vithushan 2 post mortem 1 
 
 
ජුනි 18 වැනි සිකුරාදා මඩකලපුවේ මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ චන්ද්‍රන් විදූෂන්ගේ මෘත දේහය අද දින ගොඩ ගෙන, දිවයිනේ ප්‍රමුඛ අධිකරණ වෛද්‍ය විශේෂඥයකුගේ අධීක්ෂණය යටතේ අලුත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවයි.
 
අධිකරණ වෛද්‍ය නිලධාරියකු (JMO) විසින් මීට පෙර සිදු කරන ලද මරණ පරීක්ෂණය තුළින් කියැවුණේ, විසි එක් හැවිරිදි තරුණයා මත්ද්‍රව්‍ය පැකට් පිටින් ගිලීම නිසා මියගොස් ඇති බවයි.
 
කෙසේ වෙතත්, මළ සිරුරේ තුවාල ඇති බව එම වාර්තාව තහවුරු කර තිබුණි.
 
මළ සිරුරු ගොඩ ගැනිමෙන් පසු හඬා වැටුනු මාතාව සුසානභුමියේදී අද දිනයේත් ශපත කර ඇත්තේ සිය පුතුගේ මරණයට හේතුව පොලිස් පහරදීම් හා වධ බන්ධන බවයි.
 
“පොලිසිය දසවද දීලා මගේ දරුවා මැරුවා,” යි විදූෂන් මාතාව විලාප නගනු වීඩියෝ ගතවී තිබේ.
 
 
  110969113 gettyimages 1166915313
 
මහකොමසාරිස් මිෂෙල් බැෂලේ
 
 
 
තරුණ මළ සිරුර ගොඩගත් දිනයේම ශ්‍රී ලංකාවේ පොලිස් අත් අඩංගුවේ සිදුවන මරණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේද බලවත් අවධානය යොමුවී තිබුණි.
 
“පොලිස් අත් අඩංගුවේ දී මෙන්ම පොලිසිය සහ අපරාධ කල්ලි චුදිතයන් අතර ගැටුම් වලින් දිගටම සිදුවන මරණ මාලාව ගැනද මම සටහන් කරන්නෙමි. ඒවා සම්බන්ධයෙන් අංග සම්පූර්ණ, කඩිනම් සහ ස්වාධීන විමර්ශනයක් සිදුකළ යුතුව පවතී,” යි ජිනීවා මානව හිමිකම් සමුළුවේ 47 වැනි සැසිවාරයේ සමාරම්භක දේශනය පවත්වමින් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ පැවසුවාය.
 
 මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා නගා පොලිසියට රැගෙන ගිය 21 වියැති චන්ද්‍රන් විදූෂන්, සිය පවුලේ සාමාජිකයන් ඉදිරියේ අමානුෂික ලෙස පහරකෑමෙන් පසුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් තිබුනි.
 
 ජුනි 2 බදාදා රාත්‍රියේ මඩකලපුවේ ඉරුදයපුරම්හිදී මඩකලපුව පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් චන්ද්‍රන් විදූෂන් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුදා උදෑසන ඔහුගේ පවුලේ අයට පොලිසිය දැනුම් දී ඇත්තේ තරුණයා මියගිය බවයි.
 
චන්ද්‍රන් විදූෂන් තරුණයා  පොලිස්  අත්අඩංගුවේදී කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිල්ලකට ලක් වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්ද මීට ඉහතදී පොලිස්පතිවරයාට දැනුම් දී තිබුනි.
 
 
 
පෙර වාර්තාව පිළිබඳ සැක
 
 
 
 AddText 06 03 06.25.29 696x444
 
 
 
අධිකරණ වෛද්‍ය නිලධාරී අරසරත්නම් ඉලන්ගෝවන් ඉදිරිපත් කළ පළමු වාර්තාවට අනුව, විදූෂන්ගේ මරණයට හේතුව ලෙස තීරණය කෙරුනේ “ප්‍රබල උත්තේජක ඖෂධයක් වන මෙතම්ෆෙටමින් හි එක් ආකාරයක් වන ‘අයිස්’ අඩංගු පැකට් ගිල දැමීම” බවයි.
 
 “අයිස් අඩංගු පැකට් හතරක් ගිල දැමීමෙන් පසුව, පපුව ප්‍රදේශයේදී ඒවා පුපුරා යාම නිසා, පෙනහලු වලට සිදුවූ බලපෑම හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ බව මරණ පරීක්ෂණයේදී හෙලි වුනා” යි මෘත දේහය භූමදානය සඳහා බලධාරීන් විසින් ඔහුගේ පවුල වෙත භාර දීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් පවසනු ලැබීය.
 
 “සීරීම් තැලීම් වැනි ඉතා සුළු තුවාල සිරුරේ තිබුනත් ඒවා මාරාන්තික නොවේ,” යි වාර්තාවේ සඳහන් වෙයි.
 
 කෙසේ වෙතත්, ‘මත්ද්‍රව්‍ය ගිලීම’ හේතුවෙන් ඔහු මියගිය බවට කරන මේ ප්‍රකාශය ඉතා සැක සහිත බව පවුලේ ඥාතීන් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුනි.
 
විදුෂන්ගේ නැගණිය කැරොලයින් චන්ද්‍රන් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හමුවේ දැඩි ලෙස ප්‍රශ්න කර තිබුනේ දෑතට මාංචු ලා සිටි තම අයියා මත් පැකට් ගිල්ලේ කෙසේද යන්නයි.
 
 
 
 
Screenshot 2021 06 03 at 7.56.31 PM
                                           නැගෙනියගේ JDS සටහන 
 
 
‘අත්අඩංගුවේදී සිදුවන මරණ සහ දණ්ඩ මුක්තිය’ පිළිබඳ සංස්කෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව ජාත්‍යන්තර වශයෙන් හෙළා දකිනු ලැබ තිබේ.
 
 චන්ද්‍රන් විදූෂන්ගේ මරණය, වසරක් වැනි කෙටි කාලයක් තුළ පොලිස් අත්අඩංගුවේ දී සිදු වූ 11 වැනි මරණයයි.
 
 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRSCL) විසින් පසුගිය වසරේ නිවේදනය කර සිටියේ, 2020 මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ අවම වශයෙන්, පොලිස් අත්අඩංගුවේ දී සිදු වූ මරණ අටක් වාර්තා වී ඇති බවයි.
 
 පසුගිය මැයි මාසය තුළ, තරුණයන් දෙදෙනකු දින දෙකක් ඇතුළත පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
 
 
 

 
සබැඳි පුවත් :
 
 
 
 
 
###########################
 
බැසිල් මේ සතියේ එයි : වාසු ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියා කපයි!
 
 
 
 
ජෙනරාල් ගෙදර යැව් වරායේ ලේඩි ඩොක්ටර්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්