leader s

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම නොසලකා හරිමින්, ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම නව සන්ධානයක් පිහිටුවා

ඒ හරහා තීන්දු කර ගැනීමට කටයුතු කරමින් සිටින එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානතම ආධාරකරුවන් බවට මේවනවිට පත්ව ඇත්තේ අමාත්‍ය රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා බව එජාප මන්ත්‍රීවරුන් පවසති.

ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමය හැරුන කොට අනෙකුත් සියලුම පක්ෂ අගෝස්තු 05දා රනිල් වික්‍රමසිංහ සමග ගිවිසුම් ගතවීම ප්‍රතික්ෂේප කර ඇති මොහොතේ අගමැතිගේ සහයට ඉදිරිපත්ව ඇත්තේ චතුර සේනාරත්නගේ නාමමාත්‍රීක පක්ෂයයි. 

ඒ අනුව, යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකත්ව මණ්ඩලය සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න හා චතුර සේනාරත්නගේ නම් යෝජනා කර ඇත්තේ අගමැතිවරයාම ය.

එමෙන්ම නව සන්ධානයේ මහලේකම් ලෙස ඇමැති රාජිත සේනාරත්න පත් කිරීමටත්, නව සන්ධානයේ ලිපිනය ලෙස චතුර සේනාරත්නගේ තිඹිරිගස්යාය ගොඩනැගිල්ලක් යොදා ගැනීමටත් අගමැතිවරයාගේ අනුමැතිය ලැබී ඇත.

චතුරගේ තවත් ගේමක් : ෆොනී අනාතයි !

PHOTO 2019 02 25 18 39 22 1

නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, රවී කරුණානායක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මැති ඇමතිවරුන් අගමැතිවරයා සමග පැවති සාකච්ජා වලදී එකඟතාවය එළඹ ඇත්තේ, එම සංවිධානයෙන් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමේදී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති 'අපේ ජාතික පෙරමුණ' ඒ සඳහා යොදා ගැනීමටය. 

එහිදී නව සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව 'අපේ ජාතික පෙරමුණේ'  ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත්, එම පක්ෂයේ සභාපති සේනක ද සිල්වා නව සන්ධානයේ නායකත්ව මණ්ඩලයට එක්කර ගැනීමටත් තීන්දුකර තිබිණ.

කෙසේවුවද 'ද ලීඩර්' වෙත වාර්තාවන පරිදි, අගමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් විරෝධය පළකර ඇති චතුර සේනාරත්න මන්ත්‍රීවරයා, 'අපේ ජාතික පෙරමුණ' මංගල සමරවීර අමාත්‍යවරයාගේ පක්ෂයක් බවත්, එහි සභාපති සේනක සිල්වා මංගලගේ සමීප හිතවතකු බවත්, බිරිඳ ඩයනා මංගල ඇමතිවරයාට අයත් රාජ්‍ය ආයතනයක සභාපතිනියක් ලෙස කටයුතු කර ඇති තැනැත්තියක බවත් පවසා අගමැතිවරයා තුල සැකයක් මතුකර ඇත. 

එසේම, සරත් ෆොන්සේකාගේ අනුගාමිකයකු වන සේනක සිල්වාගේ පැහැදිලි අරමුණ වී ඇත්තේ ෆොන්සේකාව ජනාධිපති අපේක්ෂකයා කිරීම බවද මෙහිදී පෙන්වා දී ඇති චතුර සේනාරත්න, නව සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා තමා විසින් ලියා පදිංචි කල පක්ෂයක් ලබාදීමට එකඟත්වය පළකර ඇත.

ඒ අනුව, මංගල සමරවීර රාජපක්ෂ ආණ්ඩුවෙන් එලියට පැමිණ ශ්‍රීපති සුරියආරච්චි හා ටිරාන් අලස් සමග පිහිටුවා ගත් 'අපේ ජාතික පෙරමුණ' නව සන්ධානයට එක්කර නොගැනීමට අගමැතිවරයා තීරණය කර තිබේ. 

එජාප මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් !

මේ අතර ඊයේ (02) අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමුවී ඇති එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු, රාජිත සේනාරත්න අමාත්‍යවරයාත්, ඔහුගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාත් අමාත්‍ය චම්පික රණවකත්  එජාපය විනාශ කිරීමේ මෙහෙයුමක නිරතවී සිටින බවට චෝදනා කර තිබේ. 

චතුර සේනාරත්න වැනි චරිත මත දේශපාලන තීන්දු තීරණ ගැනීමට යාමෙන් අගමැතිවරයා පමණක් නොව පක්ෂය ද හැල්ලුවට ලක්ව ඇතිබවට චෝදනා කර ඇති එම මන්ත්‍රීවරුන්, මෙසේද පක්ෂය පාවාදීමට සුදානම් වන්නේ නම් දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බවට ද අවධාරණය කර තිබේ.

එම මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව චතුර සේනාරත්න මන්ත්‍රීවරයා වහාම අරලියගහ මන්දිරයට ගෙන්වා  ඇති අගමැතිවරයා, එජාප මන්ත්‍රීවරුන් ගෙන් ඔහුට එල්ලවී ඇති චෝදනා පහදා දී ඉදිරි කටයුතු අප්‍රසිද්ධියේ කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්