මිලියන ගණනින් පඩි ලබන කළමනාකාරිත්වයක් සහිත ශ්‍රී ලංකන්  ගුවන් සේවා සමාගමේ දවසක පාඩුව රුපියල් අටකෝටි හතලිස් ලක්ෂයක් බව හෙළි වී තිබේ.
එතරම් ජාතික ධනයක් වැය කරන මෙම සමාගම ලාභ ලබන තත්වයට පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ඉදිරි ව්‍යාපාරික සැලැස්ම මාසයක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස සමාගමේ සභාපතිවරයාට 'කෝප්' කමිටුවෙන් නියෝග කර ඇත.
 
රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් ශ්‍රී ලංකන්  ගුවන් සේවා සමාගමේ සභාපති  අශෝක් පතිරගේ ට ජුලි 6 ඒ බව දැනුම් දුන් බවයි  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසන්නේ.
 
එමෙන්ම පවතින තත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යාංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස කාරක සභාව, සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කර තිබේ.
 
විශේෂඥ කමිටුවක් පත්කර පුළුල් අධ්‍යයනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසයි කාරක සභාව එහිදී වැඩි දුරටත්  නිර්දේශ කර ඇත්තේ.
 
 
03
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන පරිදි සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015 ක් බවත්  කෝප් කාරක සභාවේදී අනාවරණය වී  තිබේ.
 
2020/21වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් වන අතර, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් සදහන් කරයි.
 
ඊට කොවිඩ් 19 වසංගතයේ බලපෑම මෙන්ම, ගුවන් යානා ඉන්ධන පිරිවැය, ගුවන් යානා මෙහෙයුම් කල්බදු පිරිවැය  සහ අනෙකුත් මෙහෙයුම් කල්බදු පිරිවැය සහ වෙනත් මෙහෙයුම් වල වියදම්වල ඉහළ යාම බලපා තිබේ.
 
සමාගමේ අහිතකර ප්‍රාග්ධන තත්වය  2021මාර්තු 31 දිනවන විට බරපතල තත්වයකට පත්ව තිබෙන බැවින් ,  භාණ්ඩාගාරයේ සහයක් නොමැතිව සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටින බවත් කාරක සභාව නිරීක්ෂණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව  වැඩි දුරටත් පවසයි.
 
සීමාසහිත ශ්‍රී ලංකන්  ගුවන් සේවා සමාගමේ වර්තමාන කාර්ය  සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා ඇති අතර, ඊට  කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් , ඩී.වී චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, එස්.එම් මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, ජයන්ත සමරවීර, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම් ද සහභාගී වී ඇත.
 
 
 
2020 වසරේදී භාණ්ඩාගාරය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක අතිරේක ප්‍රාග්ධන යෙදවීමක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබූ අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 240 ක  මුදලක් මේ වනවිටත් සමාගම වෙත නිකුත් කර ඇති බව කාරක සභාවේ දී  අනාවරණය වී තිබේ.
 
එම මුදල් භාවිත කර ඇති ආකාරය සම්බන්ධව ද කාරක සභාව විශේෂ අවධානයක් යොමු කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක්ද, ගුවන් නියමුවන් 82 දෙනකු රුපියල් මිලියන 02 කට වැඩි මාසික වැටුපක් ද, තවත් ගුවන් නියමුවන් 142 දෙනෙකු, ගුවන් යානා ඉංජිනේරුවන් 12 දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමණාකරුවන් 09 දෙනෙකු හා ඉහළ කළමණාකරණයේ නිලධාරින් 03 දෙනෙකු රුපියල් මිලියනයත්, මිලියන 02 අතර මාසික වැටුපක් ලබන බවද කාරක සභාවේ නිරීක්ෂණයට ලක්වී තිබේ.
 
මෙම සේවය ජාතික ගුවන් සේවයක් ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවද කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දී ඇත.
 
 
##########
THE LEADER TV 
 
දයාසිරි ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි ද?
 
බාලවයස්කාර දැරියක් මිලට ගත් ලුතිනන් කමාන්ඩර් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්