ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පන් දහස් අටසියයකට වැඩි මුදලක් ගෙවීමට ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
මෙම හිඟ මුදල මේ වර්ෂයේ අප්‍රේල් මස සිට සමාන මාසික වාරික දොළහකින් ගෙවීමට එම ආයතනය එකඟවී ඇති බවත් ගුවන් තෙල් සැපයීමේ ඉදිරි ගිවිසුම් අත්සන් කිරීමේදී රුපියල් කෝටි 600ක වටිනාකමකින් යුතු බැංකු ඇපකරයක් ලබාගැනීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය .
 
ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අය අයවිය යුතු හිඟ මුදල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති අමාත්‍ය අනුකමිටුවේ මැදිහත්වීම සහිතව අයකරගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් පවතින බවද හෙතෙම කීවේය .
 
වැඩි මිලට මිලදී ගෙන අඩු මිලට තෙල් ලබා දීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභ ලැබීමට මූලික හේතුව බවද අමාත්‍ය උදය ගම්මන්පිල අවධාරණය කළේය .
 
(ලංකාදීප)
 
 
THE LEADER TV 
 
 ගෙවන්න මුදල් නෑ- තෙල් නැවත් ආපසු යයිද?
 
ගෝඨා සේරම දමල ගහල යයි ද?
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්