මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ දිනයේ (ජුලි 14) රටවල් හතක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.
මෙසේ හමුවූ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතරට ඇමරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා යුරෝපා සංගමය යන රටවල හා රාජ්‍ය සමූහවල තානාපතිවරු ඇතුළත් විය.
ශ්‍රී ලංකාවට බලපාන විවිධ කරුණු මෙම සාකච්ඡාවලදී සාකච්ඡා ලක්වූ බව මුදල් අමාත්‍යංශය පවසයි.
වසංගතය පාලනය කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ද තමන් සූදානම් බව තානාපතිවරු මෙහි දී ප්‍රකාශ කළ බවද මුදල් අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් ලෝකයේ සියළු රටවල් සමඟ ආර්ථික ඇතුළු සියළු ක්ෂේත්‍රවල සහයෝගයෙන් කටයුතු කිරීම තමාගේ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත් අගමැති මහින්ද රාජපක්ෂ ගේත් අරමුණ බව බැසිල් රාජපක්ෂ විදෙස් තානාපතිවරුන් හමුවේ අවධාරණය කර ඇත.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේ කඩිමුඩියේ ජාත්‍යන්තර සම්බන්ධතා යළි ශක්තිමත් කරලීමට මැදිහත්ව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා චීනයට පමණක් සීමාවී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වී ඇති තත්වයක් තුලය.


THE LEADER TV
තෙල් නැතුව බැසිල් ඇවිලෙයි !
පොලිස් ඇමතිට වෙච්ච වැඩක් !






