මහ සයුරේ මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා නිරීක්ෂණය සඳහා එම යාත්‍රා වල සවි කර තිබෙන සම්ප්‍රේෂක දහසකට අධික ප්‍රමාණයක් අක්‍රීය තත්වයේ පවතින බව හෙළි වී තිබේ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි ගෙන් ඉල්ලා ඇත්තේ 2015 වසරේදී සවිකර, මේ වන විට අක්‍රීයව පවතින එවැනි සම්ප්‍රේෂක (Transponders)  1,250ක්  මෙරට බහුදින යාත්‍රා සතු වන බැවින් එම යන්ත්‍ර යාවත්කාලීන කිරීමට සහාය වන ලෙසයි.
 
අමාත්‍යවරයා කළ ඉල්ලීම ඉටු කිරීම කෙරෙහි මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු වු බව රජය පවසයි.
 
 
 
සාගරයේ තිබෙන යාත්‍රා පිහිටි ස්ථානය හඳුනා ගනිමින් ඒවායේ ආරක්ෂාවට ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට පසුගියදා ප්‍රදානය කර තිබේ.
නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන, ධීවරයන් මුදා ගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි සදහන් කරයි.
 
යාත්‍රා වල සවි කෙරෙන සම්ප්‍රේෂක 4200ක්, නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා වු උපාංග හා සැටලයිට් තාක්ෂණ පහසුකම් සහිත නිරීක්ෂණ පද්ධතියේ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38ක් වන අතර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
 
එහි පළමු සම්ප්‍රේෂක (Transponders) කට්ටලය ජුලි 16 වැනිදා  ජනාධිපති කාර්යාලයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි  විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත සංකේතාත්මකව භාර දී ඇත.
 
ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත් කරගනිමින් ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව මත්ස්‍ය හා ධීවර ආශ්‍රිත අපනයන ක්‍රියාවලිය ඉහළ නැංවීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී සරත් දාස් එහිදී සදහන් කර තිබේ.
 
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ , අමාත්‍යංශ ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීහු, ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව තිබේ.
 
 
 
 
THE LEADER TV 
 
 
 ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ දැනුම්දීමක් ! 
 
 

 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්