රජයේ පාසල්වල පළමු වසර සඳහා සිටිය යුතු  සිසුන් සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට අධ්‍යාපන බලධාරීන්

ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.Stalin

ලංකා ගුරු සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් විසින් ගොනු කර ඇති එම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, සහ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා යි.

 
2011 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නියෝගයකට අනුව ජාතික පාසල්වල සියලු පන්ති සඳහා සිටියයුතු උපරිම සිසුන් සංඛ්‍යාව 35කට සීමාකර තිබු නමුත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඉකුත් මැයි මස 28 වනදා නිකුත්කළ චක්‍රලේඛයක් මගින් පළමු වසර සඳහා රජයේ පාසල්වල පන්තියක සිටියයුතු සිසුන්  සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි දන්වා සිටින පෙත්සම්කරු එය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට මෙන්ම අධ්‍යාපන සේවා පනත් විධිවිධානවලට පටහැනි බවද පෙන්වා දී තිබේ.
 
 ඒ අනුව පළමු වසර පන්තියක සිටියයුතු සිසුන් සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති චක්‍රලේඛය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස සිය පෙත්සමෙන් මගින් ඉල්ලා සිටියි.

 

 


 

THE LEADER TV 
 
 
 
මෛත්‍රී - සජිත් රහස් කතා ! - බුද්ධි අංශ කියයි
 
 
  
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්