රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා අත්අඩංගුට ගෙන රඳවාගෙන  සිටීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මතුවූ සංවාදයක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (4) පෙරවරුවේ ඇතිවිය.
මේ සිද්ධිය ඇතිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මැතිසබයේ සිය අසුනේ සිටියදීදය.
 
මේ උණුසුම් තත්වය දිගු වේලාවක් පැවතීම නිසා සභාව පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූයේය.
 
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
 
 
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල:
 
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා දින සීයක් තිස්සේ රඳවාගෙන සිටිනවා. චෝදනා පත්‍රයක් නැහැ. එතුමා අත්අඩංගුවට ගන්නවා  කියලා කතානායකවරයාට දැනුම් දීලත් නැහැ. එතුමාගෙ නඩුව අවස්ථා හතරකදී කල් දැම්මා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙතනටත් අදාලයි. මේ සිද්ධියෙන් එතුමාගෙ වරප්‍රසාද කඩවෙලා තියෙනවා. එතුමා නිදහස් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
 
 
 
කතානායක මහින්ද යාපා අබේවර්ධන :
 
එතුමා අඩංගුවටගන්න බව මට දැනුම් දීලා තියෙනවා.
 
 
කිරිඇල්ල:
 
මොකක්ද හේතුව
 
 
කතානායක:
 
පරීක්ෂණ කටයුත්තකට.
 
 
කිරිඇල්ල :
 
පරීක්ෂණ කටයුත්තකට කියලා  කියන්න බෑ. හේතුව කියන්න ඕන.
 
(සභාවේ ඝෝෂා)
 
 
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු:
 
එදා අපි අත්අඩංගුවට ගත්තා. අන්න ඒවට නම් හේතු නෑ.  අපි  අත්අඩංගුවට ගන්නකොට හිටපු කතානායකතුමා වචනයක් කතා කළේ නෑ. එතකොට තිබුණු සම්ප්‍රදාය මොකක්ද.
 
 
කිරිඇල්ල :
 
මේක අපි දෙගොල්ලටම බලපානවා. ඔබලාටත් ඉදිරියේදී මෙහෙම දේවල් වෙන්න පුළුවන්.
 
සභානායක දිනේෂ් ගුණවර්ධන :
 
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට එරෙහිව පරීක්ෂණයක් යනවා. පරීක්ෂණයක් යද්දි තවත් පරීක්ෂණයක්. ඒවා නිරවුල් වෙන්න ඕන.බොරුවට මෙතන කෑ ගහලා වැඩක් නෑ.
 
(සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරු කෑ ගසති.)
 
 
රිෂාඩ් බදුර්දීන් :
 
''අද වෙනකොට මම අත්අඩංගුවට අරගෙන දින අනූ දෙකක් වෙනවා. පරීක්ෂණ ගියේ දින පහයි. කළුවර කාමරයක දාලා ඉන්නවා පැය 24 පුරාම. මාව අත්අඩංගුවට ගන්න කිසිම හේතුවක් නෑ, ජනාධිපතිතුමනි. මගේ අමාත්‍යාංශයේ බාලසුබ්‍රමනියම් කියලා අතිරේක ලේකම් වරයෙක් හිටියා. එයා ටෙලිෆෝන් එකෙන් කරපු කතාවකට තමයි මම අත්අඩංගුවට ගත්තේ.
 
ජොන්ස්ටන් ප්‍රනාන්දු :
 
මෙතුමා බාලසුබ්‍රමනියම් කියන කෙනෙක් ගැන කිව්වා. එතුමා දැන් රට පැනලා ඉන්නේ. ඒකත් දැනගන්න.
 
(මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා අගමැතිවරයා සමග  කුමක් හෝ කතා කරනු දක්නට ලැබිණ.)
 
(ලංකාදීප)
 

THE LEADER TV 
 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 
ගුරු නායකයන්ට කොටි ලේබල් අලවා දඩයමකට සැරසේ !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්