ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පනවන ලද “දැඩි ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීම’’ නම්
 රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර තිබේ.
 
අදාල  රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු තහනම්  නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ඊයේ  [05] සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ මේ මස 24 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදිය.          
 
මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ධ්‍ය ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශ්‍රීන් සරූර් විසින්  ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා යි.  
 
මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන අයගෙන්  සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.
 
 
“දැඩි ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීම’’ 
 
 
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “දැඩි ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීම’’ නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර තිබුණි.
 
  
 එම  රෙගුලාසි යටතේ ඕනෑම අයකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලියකින් හෝ කිසිදු සාක්ෂියකින්  තොරව පුනරුත්ථාපනය ලෙසින් නම්කරන ලද රඳවා තබාගනීමක්  කළ හැකි බවද පෙත්සම්කරුවෝ  පෙන්වා දෙති. ඊට අමතරව, ව්‍යවස්ථාවෙන් සලසා ඇති පුද්ගලික නිදහසට මෙන්ම මුලික මිනිස් අයිතිවාසිකම් වලට දැඩි ලෙස තර්ජන එල්ල වන බවද පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
 
 
අදාල රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4 , 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින්, මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත්, මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් වැඩිදුරටත්  ඉල්ලා සිටිති.
 
අලුත් රෙගුලාසි පාර්ලිමේන්තුවේ සභාගත කොට නියමාකාරයෙන් සම්මත කොටගෙන ඇතිද යන්නත් පෙත්සමෙන් ප්‍රශ්න කර තිබේ.
 
විරාන් කොරෙයා, සුරේන් ප්‍රනාන්දු, පුලස්ති හේවාමාන්න සහ මංජුල බාලසූරිය පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අතර, රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ රජයේ නීතිඥ අවන්ති පෙරේරායි.
 
 
THE LEADER TV 
 
ජනපති ප්‍රකාශය කෙහෙළිය විකෘති කරලා? 
 
 
ස' බැසිල් මලයාගේ සරම කඩයි! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්