මාරාන්තික වසංගතය තත්ත්වය දවසින් දවස වර්ධනය වෙමින් පවතින තත්ත්වය තුල ජාතියේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මහමග සිදුකරන වි‌රෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටවනු ලෙස මෙරට
ප්‍රකට වෛද්‍ය වෘත්තීය සමිතියක් සියලුම විදුහල්පති සහ ගුරු වෘත්තිය සමිතිවලින් වලින් කාරුණික ඉල්ලීමක් කර තිබේ.
 
මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම ඉල්ලීම සිදුකර ඇත්තේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයයි.
 
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර් ඥානසේකරම් හා සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ගේ අත්සනින් යුතුව අද (අගෝ 06) මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
 
දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුනු ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඇතුලු අනෙකුත් සාධාරණ ඉල්ලීම් නොපමාව ඉටුකර දිය යුතු බව තම සංගමයේ විශ්වාසය බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
 
එම නිවේදනයේ මෙසෙඩ් සඳහන් වේ.
 
Teacher
 
කොරෝනා වසංගතය නිසා බිඳ වැටුණු පාසල් අධ්‍යාපනය යම් තරමකට හෝ පවත්වා ගෙන යාම සඳහා ස්වකීය කාලය හා ධනය වැය කරමින් රජය කිසිඳු සහයෝගයක් නොමැතිව මාර්ගගත අධ්‍යාපනය ලබාදීම සඳහා ඔබතුමන්ලා විසින් කරන ලද කාර්යභාරය ඉතා ප්‍රශංසනීය බව අපගේ අදහසයි.
 
ගුරුවරුන් වශයෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට යොමු වීමට ඔබලාට නීත්‍යානුකූල අයිතියට බාධා කිරීම කිසිසේත්ම අපගේ අරමුණ නොවේ. 
 
දේශපාලකයන් තමන්ගේ ප්‍රතිලාභ නොයෙකුත් අවස්ථාවල වැඩි කරගත් නමුත්, රටේ දරුවන් අනාගතය වෙනුවෙන් කැප වී කටයුතු කරන ඔබලාගේ වෘත්තියමය ගැටලු විසඳීම පමා කිරීම සැබවින්ම පිළිකුල් සහගත ක්‍රියාවකි.
 
රටේ වගකිවයුතු පුරවැසියන් වශයෙන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කෙලින්ම සම්බන්ධ නිර්දේශපාලනික වෘත්තියවේදින් වශයෙන් කොවිඩ් වසංගතය මුළු රටම වෙලාගෙන සිටින මේ අභාග්‍යසම්පන්න මොහොතේ අප ඔබලාගෙන් විශේෂ ආයාචනයක් කරනු කැමැත්තෙමු.
 
death
මරණ සංඛ්‍යාව ද දිනෙන් දිනම වැඩිවෙමින් පවති
 
 
'ඩෙල්ටා'  ප්‍රබේදය රට තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර සියලුම රෝහල්වල ඇඳන් පිරි ඉතිරි ගොස් ඇත. මරණ සංඛ්‍යාව ද දිනෙන් දිනම වැඩිවෙමින් පවති. මේ තත්වය පාලනය කිරීම් සඳහා යම් යම් සීමාවන් පැනවිය යුතු බව දැනටමත් අප විසින් රජයට පෙන්වා දී තිබේ.
 
එබැවින් විශාල වශයෙන් ඒකරාශි වී ඔබලා විසින් පවත්වන උද්ඝෝෂණ ද මෙම රෝගය පැතිරීමට ඉවහල් විය හැකි බව අපගේ අදහසයි. 
 
රෝගය පැතිරීම පිළිබඳව වගකීම් ඔබලා පිට පැටවීමටද ඇතැම් දේශපාලකයන් අර අඳින බව පෙනේ.
 
 සමාජය තුල රෝගය පැතිරීමෙන් සාමාන්‍ය මහජනතාවට අත්විය හැකි භයානක ප්‍රතිළුල දැන් දැන් අප ඇස් ඉදිරිපිට දිස් වෙමින් පවති. දිනපතා සිදුවන ඒකරාශි වීම් මඟින් ඔබලාද මෙම රෝගයට ගොදුරු වීමේ අවදානම ඉහළ යනු ඇත.
 
 
 
එම නිසා මෙම මාරාන්තික වසංගතය මධ්‍යයේ අප ජාතියේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ඔබගේ වි‌රෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටවනු ලෙස අප සියලුම විදුහල්පති සහ ගුරු වෘත්තිය සමිති වලින් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
 
තවද සියලුම විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත මාත්‍රා දෙකම ලබා දී ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමෙන් පසුව පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.
 
 
ජනාධිපතිගෙන් ඉල්ලීමක් 
 
අවසාන වශයෙන්, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් හිතකර අයුරින් සලකා බලා මෙම අර්බුදය විසඳීම සඳහා ඉහලම මට්ටමින් සංවාදයක් ආරම්භ කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමු. 
 
රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වල සිදුවන තදබල තදබදය අවම කිරීම සහ දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා සියලු ආකාරයේ උත්සව හා වෙනත් එක්රැස්වීම් අඩු කිරීමට සහ සංචරණ සඳහා දැඩි සීමා පැනවීමට රජය ගතහැකි සෑම පියවරක්ම ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
 
 AMS 1
 AMS 2

 
 
THE LEADER TV 
 

 

බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?

නාමල්ගේ ඇඳන් වලට වෙච්ච දෙයක්!

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්