පොහොර සම්බන්ධයෙන් නිකුත්කර ඇති ගැසට් නිවේදනයට අනුව රසායනික පොහොර ගෙන්වීමේ හැකියාවක් පවතින බව කැබිනට් අමාත්‍යවරයකු විසින්
ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
 
පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී එම කාරණය පෙන්වාදී ඇත්තේ, අමාත්‍ය විමල් වීරවංශ යි.
 
ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් පොහොර ආනයනයට අදාලව ඉදිරිපත්කර තිබු කැබිනට් පත්‍රීකාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
අදාල ගැසට් පත්‍රයේ සඳහන් HS කෝඩ් හරහා රසායනික පොහොර ගෙන්වීමේ හැකියාවක් ඇතයි විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකල කරුණු පැහැදිලි කිරීම හමුවේ එම ගැසට් නිවේදනය යළි අධ්‍යනය කිරීමට තීන්දුකර තිබේ.
 
කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව පොහොර ආනයනය තහනම් කරනු ලැබිය.
 
 
c 
 
මේ අතර ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර ද පවසන්නේ, නව මුදල් ඇමතිවරයාගේ ගැසට් පත්‍රයෙන් කාබනික ද්‍රව්‍යය මිශ්‍ර කළ රසායනික පොහොර ගෙන ඒමට අවකාශය ලැබෙන බවයි.
 
කාබනික වගාව සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක නිරත වන ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශකවරයා  පෙන්වා දෙන්නේ, අභිනව මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිගේ තීන්දුවට අභියෝග කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
 
එම ගැසට් පත්‍රයට අනුව ආනයන අපනයන පාලන පනත යටතේ අංක 11 ලෙස නිකුත් කර ඇති රෙගුලාසින් මගින් නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස් සහ එම මූල ද්‍රව්‍යය ත්‍රිත්වයට අඩංගු රසායනික පොහොර ආනයනය නැවත ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදී ඇති බවත්, එම බලපත්‍ර ක්‍රමය තුළ නිලධාරීන් සමඟ ගනුදෙනු කිරීම මගින් සමාගම් වලට අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාණය ආනයනය කිරීමේ හැකියාව ඇති බවත් වෛද්‍යය වසන්ත බංඩාර පෙන්වා දෙයි .
 
  
තවද මෙම ගැසට්ටුවට අනුව රසායනික පොහොර සහ වෙනත් ද්‍රව්‍යය මිශ්‍රකළ පොහොර වර්ග ආනයනය කිරීමේ හැකියාවද ඇති බව වෛද්‍යය  වසන්ත බංඩාර පවසයි.
 
 
ඒ අනුව අවසානයේදී කාබනික ද්‍රව්‍යය මිශ්‍ර කළ රසායනික පොහොර හෙවත් ව්‍යාජ කාබනික පොහොර සහ රසායනික පොහොර යන වර්ග දෙකම අනයනය කිරීමේ හැකියාව මෙම ගැසට්ටුවෙන් ලැබෙන බව පවසන වෛද්‍යය වසන්ත බංඩාර, මෙම පටලැවිල්ල යම් කූඨ ජාවාරම්කරුවන්ගේ උවමනාවන්ට අනුව සිතා මතා සිදුකෙරෙන බවටද සමාජයෙන් චෝදනා එල්ලවීමට ඉඩ ඇති බවද අවධාරණය කරයි.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
THE LEADER TV 
 
වසංගත සමයේ හෘද රෝගීන්ට උපදෙසක් 
 
 
මහින්ද දොලවත්ත ලවා ස'ගෙන් කළ ඉල්ලීම! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්