leader s

වට්ස් ඇප් සංවාද කණ්ඩායමකට සම්බන්ධ වී සිටීම ගැන දෙමළ සිවිල් සමාජ ක්‍රියාධරයකුගෙන් පැය දෙකකට අධික කාලයක් තිස්සේ  ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය විසින් ප්‍රශ්න කර තිබේ.
 අගෝස්තු 25 වැනි බදාදා මඩකලපුව පිහිටි ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය  වෙත කැදවා ප්‍රශ්න කර ඇත්තේ උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් අයකු වන සභාරත්නම් සිවයෝගනාදන් ගෙනි.
 
 ප්‍රකාශය  ලබා දිමෙන් පසු පිටතට පැමිණි සභාරත්නම් සිවයෝගනාදන් පළාත් බද මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබෙන සංවිධානයක් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වන වට්ස් ඇප් සංවාද කණ්ඩායමක මෙහෙයුම්කරු වන්නේ තමා දැයි පොලීසිය ප්‍රශ්න කළ බවයි.
 
 එවන් සංවාද කණ්ඩායමකට තමන් ඇතුලත් කරනු ලැබුවේ කවුරුන් විසින්දැයි නොදන්නා නමුත් එම වට්ස් ඇප් සංවාද කණ්ඩායමේ හුවමාරු වන තොරතුරු දැකීමෙන් පසු තමා ඉන් බවත් වු බවයි සභාරත්නම් සිවයෝගනාදන් පොලීසියට පවසා ඇත්තේ.
 
 තමන් එම වට්ස් ඇප් සංවාද කණ්ඩායම හසුරුවන්නා නොවන බව ඔහු වැඩි දුරටත් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයට දැනුම් දී තිබේ.
 
 කෙසේ නමුත් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය සිය ජංගම දුරකථනය සහ මුහුණු පොත දැඩි පරීක්ෂාවකට ලක් කර තමන්ගේ පෞද්ගලික තොරතුරුද ලබා ගත් බව ඔහු වැඩි දුරටත් පවසයි.
 
 ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය විසින් සිවිල් සමාජ ක්‍රියාධරයාට අනතුරු අගවා ඇත්තේ එවැනි වට්ස් ඇප් සංවාද කණ්ඩායම් වලට සම්බන්ධවීමේදී පරිස්සම් වන ලෙසයි.
 
 
 
 
 

 
THE LEADER TV 
 
 
ලංකාවේ නොහිටපු ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !
 
 
 
මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්