leader s

 
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දුෂණ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන රාජ්‍ය නිලධාරීන් පොලිසිය යොදවා බිය වැද්දීම වෙනුවට ඔවුන් හෙළි කරන කරුණු සම්බන්ධයෙන්  තාක්ෂණික විමර්ශනයක් පවත්වා ජනතාවට සහන
සලසන ලෙස සුව සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙක් බලධාරීන්ගෙන්  ඉල්ලා සිටී.
 
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණයකට ලක් කළ  'යූ ටියුබ්' සාකච්ඡාවට අදාලව සිදුව ඇති අපරාධය කුමක්ද යන්න පැහැදිළි නැති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.
 
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අගෝස්තු 31 වැනි අගහරුවාදා උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබුනි.
 
ඒ රජයේ ආයතන දෙකක දොස්තරවරුන් තුන්දෙනකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.
 
 
පොලිසිය පවසන පරිදි පැමිණිලි කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති උත්පල ඉන්ද්‍රවංශ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති රසිත විජේවන්ත යන වෛද්‍යවරුන් තිදෙනාය.
 
 
 
ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම !
 
 
ශ්‍රී ලංකාවට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම හා එම පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති බවටත්, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ සිදුවන වංචා සහ දූෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  පසුගියදා යූ ටියුබ් නාලිකාවකට අදහස් දක්වා තිබුනි.
 
මෙරට  තුළ PCR පරීක්ෂණයක් රුපියල් දෙදහසකට අඩු මුදලකටත්, ඇන්ටිජන් පරීක්ෂණයක් රුපියල් හයසිය පනහක මුදලකටත් කළ හැකි බවටත් ඔහු එහිදි සදහන් කර තිබුනි.
 
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකාර වෛද්‍යවරුන් ඉල්ලා තිබේ. 
 
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ එම සාකච්ඡාවේදී PCR සහ රැපිඩ් ඇන්ටිජන් වල මිළ ගණන් පිළිබදව වෛද්‍ය බණ්ඩාර කළ ප්‍රකාශයේ අසත්‍යතාවයක් පෙනෙන්නට නොමැති බවයි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් ඇත්නම් PCR කට්ටලයක් රුපියල් 800 ට වඩා අඩු මුදලකටත්, රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් 800 ට වඩා අඩු මුදලකටත් ලබාදීමේ හැකියාව පවතින බව පෙන්වා දෙන රවී කුමුදේශ් අවධාරණය කරන්නේ ඖෂධ නියාමන අධිකාරයේ අනුමැතිය නොමැතිව දීර්ඝ  කාලයක් තිස්සේ හිරවී ඇති නිශ්පාදන කඩිනමින් ලබා ගැනීමට හැකි බවයි.
 
 
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසු තොරතුරුවල සත්‍ය අසත්‍ය බව කඩිනමින් සොයා බලා, මහජනතාවට, රටට සහ රජයට වාසි සැලසීම වෙනුවට, තොරතුරු ලබාදෙන නිලධාරීන් දණ්ඩනයට, මර්දනයට සහ බිය වැද්දීම් වලට ලක් කර සත්‍ය තොරතුරු වාර්තාවීම වලක්වා ගැනිම, "දූෂිත නිලධාරීන්ගේ"  ක්‍රම වේදයක් බව රවී කුමුදේශ් සදහන් කරයි.
 
එබැවින් විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙලිදරව් කළ  කරුණු පිළිබද  කඩිනම් තාක්ෂණික විමර්ශනයක් සිදු කර එයින් රටට හා මහජනතාවට ලබා දිය හැකි වාසි සැලසීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.
 
"එසේම ඒ අරඹයා අපරාධ පරීක්ෂණයක් සිදු කිරීම සියුම් බියවැද්දීමක් සහ නිවැරදි තොරතුරු වාර්තාවීම වැලක්වීම සදහා ගනු ලබන ක්‍රියාවක් මෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යන් හෑල්ලුවට ලක් කිරීමක් බව අප විශ්වාස කරමු." රවී කුමුදේශ් නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සදහන්ය.
 

 

THE LEADER TV 
 

  

මව්පෙරමුණට තිහයි! සන්ධ්‍යාට OMPයෙන් තෑග්ගක්? 

 

 

ස' SB සර්ගෙ ගණන් පංති ගිහින්! 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්