රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ විසින් බන්ධනාගාර රැඳවියන්ට එල්ල කළ තර්ජන සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 'සාක්ෂිකරුවන් හා
වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරිය'ට ඊයේ (16) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 
 
 
 
 
 
 
 
''රත්වත්තේ මන්ත්‍රී ධූරයටවත් සුදුසු නෑ'' - ශ්‍රී ලංකා නීතීඥ සංගමය 
 
 
මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කර සිටින්නේ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට නීතිවිරෝධීව, බීමත්ව ඇතුළුවී ගිණි අවි පෙන්වා සිරකරුවන්ට හිංසා කිරීම ඇතුළු චෝදනා එල්ලවී සිටින ලොහාන් රත්වත්තේ ඇමතිවරයා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තව දුරටත් කටයුතු කරන බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා අතිශය සාපරාධී ක්‍රියාවක් නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට හෝ විශ්වාසවන්ත පුද්ගලයකු නොවන බවත් ය.
 
ශ්‍රී ලංකා නීතිඥා සංගමය නිවේදනයක් නිකුත් කරමින් එම කාරණය අවදාරණය කර තිබේ.
 
ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වීම තුළින් තම චර්යාව පිළිබඳව වගකීම බාරගැනීම නිසා වෙනත් රාජ්‍ය තනතුරක් දැරීමට ඔහුට සධාචාරාත්මක අයිතිය අහිමි වී ඇති බව කියන ශ්‍රී ලංකා නීතිඥා සංගමය, ලොහාන් රත්වත්තේ සිදුකළ බරපතල සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයෙන් වැඩි දුරටත් කියා සිටියි.
 
 

 
 
 
 
ලොහන් ගැන විමර්ශනයක් කරන්නැයි පොලිස්පතිට දන්වයි
 
 
මේ අතර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂයක් පවත්වන්නැයි ඉල්ලා 'සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව' අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.
 
හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ  ඉකුත් දොළොස් වැනි දා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින දෙමළ සිරකරුවන්ට සිදුකර තිබූ හිංසන ක්‍රියා සම්බන්ධයෙන් 'සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව' කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
 
ඒ අනුව, අනුරාධපුර බන්ධනාගාරයේ ඉකුත්දා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර අද දිනයේ රැදවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියකු පැවසිය.
 
 
සබැඳි පුවත් :
 
 
 

 
 
THE LEADER TV 
 
ලොක්කෝ මෙච්චර ලොහාන්ට බය ඇයි? 
 
 
බොක්කත් හූරං කන කොරොනා මාෆියාවක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්