කෝවිඩ් වසංගතය පාලනයට යොදා ගන්නා සෞඛ්‍ය රෙගුලාසි හා අපරාධ නීතිය යොදා ගනිමින් මඩකලපුවේ පැවැත්වීමට නියමිතව තිබු දෙමළ සමරු සතියක් උසාවිය මගින් තහනම් කර තිබේ.
 
ආක්‍රමණික ඉන්දීය හමුදාවට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් ඉටු කරන ලෙස 34 වසරකට ඉහතදී මාරාන්තික උපවාසයක නිරතව සිටියදී මිය ගිය දෙමළ විමුක්ති කොටි සංවිධානයේ යාපනය දේශපාලන අංශ ප්‍රධානි කර්නල් තිලීපන් නොහොත් රාසයියා පාර්තිපන් සැමරුම් සතියක් මඩකලපුවේදී සංවිධානය කර තිබිණි.  
 
 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසයෙන් තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.
 
සැප්තැම්බර් 15 වැනිදා සිට 26 වැනිදා දක්වා මඩකළපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ඉඩමක පැවැත්වීමට නියමිතව තිබු මේ වසරේ සමරුව  මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් කර ඇත්තේ කාත්තාන්කුඩි පොලිසියේ ඉල්ලීමකටය.
 
''මෙවැනි සමරු උත්සව පැවැත්වීමෙන් විරුද්ධවාදීන්ගේ  ප්‍රහාර එල්ල විය හැකි බවත්, මේ දින වල පවතින කොරෝනා වසංගතය පාලනයට අදාළ සෞඛ්‍ය රෙගුලාසි අනුවත්, මෙවැනි සමරු උත්සව පැවැත්වීම තහනම් කරන්න'' යැයි කාත්තාන්කුඩි පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ටි.පී. ගජනායක අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
 
මෙවැනි සමරුවක් පවත්වන්නට සුදානම් බව පොලිස් බුද්ධි අංශ මගින් අනාවරණය කර ගත් බවද කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති පවසයි.
 
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තිලීපන් සමරුව අපරාධ නීතිය යටතේ තහනම් කරමින් නියෝගය නිකුත් කර ඇත්තේ, මඩකළපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනබවන්, ක්‍රිෂ්ණපිල්ලෛ සේයෝන්, පෙරිම්බරාසා ජෙනගන්, සහ  කදීහරන් නිසාන්තන් සමරු සංවිධායකයන්ටය.
 
 
සබැඳි පුවත් 
 
 
THE LEADER TV 
පොළොං නරුවෝ 
 
 
බැසිල්ගේ චාටු කතාවලට විමල්ලා අහුවෙයි? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්