ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් විදෙස් ආයෝජන සමාගමක් වෙත නීත්‍යනුකුලව පවරා ඇති ඉඩමකට බලහත්කාරයෙන් ඇතුල්වී ඇති පොලිසිය,
එහි රඳවා සිටි ආරක්ෂක නිලධාරීන් පලවා හැර එම ඉඩම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම් සිද්ධියක් නිසා මෙරට තුල ආයෝජනය කිරීමට කටයුතු කරමින් සිටින  විදේශිකයින් තිගැස්මකට ලක්ව ඇතැයි වාර්තාවේ. 
 
වාර්තාවන අන්දමට කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පර්චස් 214ක කෝටි ගණනක් වටිනා මෙම ඉඩමට පසුගිය ඉරිදා (19) මරදාන පොලිසියේ නිලධාරීන් පිරිසක් කඩා පැන ඇත්තේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද සමගය. 
 
‌විදෙස් ආයෝකයන්ට සිදු කරන මෙවැනි ‌අනීතික ක්‍රියා හේතුකොටගෙන ලංකාව කෙරෙහි විදෙස් ආයෝජකයන්ගේ ඇති විශ්වාසයද බිදවැටීම වැළැක්විය නොහැකි බව කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රකට ක්‍රියාකාරිකයකු සඳහන් කළේය. 
 
 Policec
 
පොලිස් නිලධාරීන් බලහත්කාරයෙන් ඉඩමට ඇතුල්වූ අවස්ථාවේ .....
 
 
පසුබිම් කතාව :
 
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතුව පැවති මෙම ඉඩම 2006 වසරේදී එවකට මහින්ද රාජපක්ෂ රජයේ නිවාස ඇමැතිනිය වශයෙන් කටයුතු කළ ෆේරියල් අශ්රොෆ් විසින් සුපිරි මහල් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් මගින් ඉන්දීය LNT සමාගමට පවරා දීමට අනුමැතිය ලබාදී තිබේ. එහි විදේශ ආයෝජනය ව්‍යාපෘතියෙන් 70%කි.
 
නමුත් මෙම ආයෝජන ව්‍යාපෘතිය ඒ කාලය තුළ ආරම්භ වී නොමැත.
 
පසුව 2010 වසරේදී නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විමල් වීරවංශ නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉඩම ආයෝජකයකු යටතට පත් කිරීමට අවසර ඉල්ලා ඇති අතර ඊටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
පසුව යහපාලන ආණ්ඩු සමයේ නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සජිත් ප්‍රේමදාස මෙම ව්‍යාපෘතියෙන් ආණ්ඩුවට ලැබීමට නියමිතව තිබූ හිග මුදල් පවා ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.
 
ඒ අනුව පැවැති රජයන් තුනකින්ම මෙම ව්‍යාපෘතිය තහවුරු කිරීමට කටයුතු කොට ඇත.
 
 
එසේ මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබී අතර පසුව එම විදෙස් ආයෝජන සමාගමේ කොටස් බ්‍රිතාන්‍යයේ Oak Street (Pvt) Ltd  සමාගම  විසින් මිලදී ගෙන ඇත. එම සමාගමේ නියෝජිතයකු පැවසුයේ මෙම ඉඩම සින්නක්කරව ලබාගැනීම සඳහා තම සමගම රුපියල් බිලියන 2.4ක මුදලක් ආයෝජන කර ඇති බවයි.
 
 
කෙසේනමුත්  ඉරිදා (19) පෙරවරුවේ මරදාන පොලිසියේ නිලධාරීන් පිරිසක් සමග පැමිණ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුල් වී එය අත්පත් කර ගැනීමට පියවර ගෙන තිබිණ. 
 
 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුන නියෝගයක් මත තම ආයතනය සතු ඉඩම යළි අත්පත්කර ගැනීමට කටයුතු කළ බවයි. 
 
'' එම ඉඩම ලබාදීලා තියන්නේ සුපිරි නිවාස සංකීර්ණයක් හදන්න. ඒ ආයෝජනය කිරීමට ඉදිරිපත්වූ විදෙස් ආයෝජකය මේ දක්වා කිසිඳු ඉඳිකිරීමක්  කර නැහැ. ඒ නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඇතිකර ගත් ගිවිසුම උල්ලංගනය කරලා. ඒ නිසා ඒ ඉඩම පවරා ගන්න කියල නීතිපති දෙපාර්තමේන්තුවෙන් නියෝගයක් ලැබිලා තිබුනා. අප කටයුතු කලේ ඒ අනුවයි'' එම නිලධාරියා පැවසිය.
 
ජනාධිපතිවරයා විදේශගතවීමට පෙර මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටිබවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
 
''සින්නක්කරව ගත්ත ඉඩමක් ''
 
 
කෙසේවුවද Oak Street (Pvt) Ltd  සමාගමේ ඉහල නිලධාරියකු පැවසුයේ මෙම ඉඩම තම සමාගම විසින් සින්නක්කරව ලබාගෙන ඇති බවයි. ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සියලු මුදල් ගෙවා ඇති බවත් ඔහු සඳහන් කළේය. 
 
ඒ අනුව මෙය තම සමාගම සතු ඉඩමක් බවත් එයට ඇඟිලි ගැසීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කිසිඳු අයිතියක් නොමැතිබවත් ඔහු අවදාරණය කළේය.
 
'' කිසියම් නිලධාරීන් පිරිසක් රජයේ බලධාරීන් නොමග යවලා. අපි මේ අවනඩුව සම්බන්ධයෙන් අධිකරණයට යනවා. අපට ඉඩමට ඇති අයිතිය ගැන සාක්ෂි තියනවා, අපි අධිකරණයේදී ඒවා ඉදිරිපත් කරනවා..'' යයි පැවසු එම නිලධාරියා සිය සමාගමේ හිමිකම් තහවුරු කිරීම සඳහා ලිපි ලේඛන කිහිපයක් ද අප වෙත ඉදිරිපත් කළේය.
 
 
NHDA CONFIRMATION
 
NHDA declares and confirms that ‘there are no further dues, claims whatsoever from L&T Infrastructure Development Projects Lanka (Pvt) Ltd and further declares and confirms that the obligations of L&T Infrastructure Development Projects Lanka (Pvt) Ltd under and in terms of the aforesaid Joint Venture Agreement No. 7980 and the Addendum thereto have been satisfactorily complied with.
 
 
LRI Disclosure to CSE image 1
 
 
 
 

THE LEADER TV 
 
ස ගේ ඇමරිකන් කතාවේ පිටපත
 
 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්