leader s

මේ ඉල්ලීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයට පමණක් නෙවෙයි. සියලු දෙමාපියන්ටත් එක්කයි. පාසල් යළි පටන් ගන්නවා කියන්නෙ ළමුන් පංති වලට ගාල් කරන්න ගුරුවරුන් රාජකාරියට යන එක නෙවෙයි. පාසල් යළි පටන් ගත
යුත්තේ ළමුන්ගේ අධ්‍යාපනය විධිමත් ලෙස කිරීමටය. 
 
ඒ නිසා අධ්‍යාපන ලොක්කන් ගෙන් අනිවාර්යෙන්ම ඇසිය යුත්තේ, ගුරුවරුන් උගන්වන්න පටන් ගත යුත්තේ විෂය නිර්දේශයේ කොතැනින්ද කියා ය. මේ වසරේ වාර 03 ක පාඩම් මේ අන්තිම වාරයේ සම්පූර්ණ කළ හැකිද කියා ය. 
 
එසේ කළ නොහැකි බව කවුරුත් දන්නා කාරණාවකි.  ලබන වසරේ ද එනිසා මේ විෂය නිර්දේශයේ ඉතිරි කොටස් කෙරෙන්නේදැයි ඇසිය යුතු නොවේද? එසේ වුවහොත් ලබන වසරේ විෂය නිර්දේශ වලට කරන්නේ කුමක්ද?
 
විවාදයක් නැත. පාසල් ආරම්භ කළ යුතුය. ඒ අධ්‍යාපන බලධාරීන්ට හා දෙමාපියන්ට අවශ්‍ය නිසා නොව ළමුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය නිසාය. එනිසා පාසල් ආරම්භ කළ යුත්තේ ඒ වෙනුවෙන් අවශ්‍ය සූදානම් කිරීම් සමගින්ය. 
 
මේ මොහොතේ දෙමාපියන්ගේ පරම වගකීම තම දරුවන් අතරමං නෙකෙරෙන ලෙස පාසල් ආරම්භ කෙරෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම මිස, දරුවන් පාසලට යැවීමේ හදිස්සිය වෙනුවෙන් පාසල් ආරම්භ කරන්නේ කවදා දැයි බලා සිටීම නොවේ.
 
ඒ වගකීම ගුරුවරුන්ටද ඇත. ඔවුන්ද මේ වසරේ විෂය නිර්දේශ වලට කුමක් කරන්නේ දැයි ඇසිය යුතුය.
 
 
 Kusal 2021
කුසල් පෙරේරා
සමාජ - දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 2021 සැප්.29
 
 
THE LEADER TV 
 
චිචීගේ පාට්වලට දයාසිරිට මල පැනලා ! 
 
 
ජනතාව ගහලා එලවන දිනය වැඩි ඈතක නෑ 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්