යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් සලසා දුන් GSP+ බදු සහනය දැනටමත් අවදානමේ වැටී ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
“දැනටම GSP+ ෆැසිලිටි එක ඉවත් කරනවා කියලා තීන්දුව අරං තියෙනවා,” යයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් කියා සිටියේය.
 
මේ ආණ්ඩුවේ මානව විරෝධී ක්‍රියාකලාපය පමණක් නොව, පසුගිය ආණ්ඩුව විසින් මානව හිමිකම් රකින බවට ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු නොකිරීමත් ඊට බලපා තිබේ.
 
"ඒකට හේතුව තමයි ත්‍රස්තවාදය වලක්වන පනත 2017 දී පොරොන්දුවක් දුන්නා ඒ පනත ඉවත් කරනවා කියලා. තාම අවුරුදු හතරක් ඉක්මවලත් තාම ඒක ඉවත් වෙලා නෑ. ඒ නිසා තමයි ඒ තීරණය ගත්තේ. අපි කිව්වා මේ පනත වහාම ඉවත් වෙන්න ඕනෙ. මේක යටතේ හරිම අසාධාරණ වෙනවා. "
 
ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් ඒ බව සදහන් කළේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව  යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන්නේදැයි විමර්ශනය කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ඉහල පෙලේ  විදේශීය දූත මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
 
WhatsApp Image 2021 09 29 at 02.26.01
 
මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද GSP+ යනුවෙන් ප්‍රකට වරණීය බදු සහනය 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් යහපාලන රජය විසින් පොරොන්දු වූ පරිදි ක්‍රියාත්මක කරනු ඇතැයි යන විශ්වාසයෙනි.
 
කෙසේවෙතත්, යුරෝපා දූත මණ්ඩලය හමුවීමෙන් පසු අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කර තිබුනේ රටේ පවතින තත්වය පිළිබඳව යුරෝපා සංගමය සෑහීමකට පත්ව සිටින බවයි.  
 
ආණ්ඩුවේ ක්‍රියා කලාපයේ වෙනසක් වේ නම් යුරෝපා සංගම් තීන්දුවේ වෙනසක් වනු ඇති බවට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා විශ්වාසය පල කළේය.
 
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝදියම් සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සැප්තැම්බර් 28 වැනි අගහරුවාදා හවස් යාමයේ පැයක පමණ කාලයක් යුරෝපා සංගම් නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
 
 
 
මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කළේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම පමණක් නොව ඒ යටතේ දීර්ඝ කාලිනව රදවා සිටින සිරකරුවන්, මෑතකදී අත්අඩංගුවට ගත් සිරකරුවන් සියළුදෙනාම නිදහස් කළ යුතු බවත් යුරෝපීය දුත මණ්ඩලය හමුවේ පැවසු බවයි.
 
 
රට තුල සිදුවෙමින් පවතින හමුදාකරණය පිළිබදව මෙන්ම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ දෙමළ ජනයාගේ ඉඩම් අත්පත් කරගැනීමට රජය දරන උත්සාහ පිළිබදවත් ඔවුන් දැනුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් සදහන් කළේය.
 
 
 
රටට එරෙහිව කිසිදු තිරණයක් ගැනීම නුසුදුසු වුනත්.. 
 
 
කෙසේ නමුත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ තමන් ඇතුළු දෙමළ ජනතාව මේ රටේ ජීවත් වන පුරවැසියන් බැවින් රටට එරෙහිව කිසිදු තිරණයක් ගැනීම නුසුදුසු නමුත් වත්මන් රජය ගෙන ඇති පියවර කිහිපයක් රටේ සමස්ත ජනතාවට එරෙහිව ගෙන ඇති බැවින් මෙවැනි බලපෑමක් නොපැවැතියහොත් ජනතාවට නිදහසේ ජීවත් විමේ අවස්ථාව අහිමි  වන බවයි.
 
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මාධ්‍යවේදීන් හමුවේ  සිංහල බසින් කළ සම්පුර්ණ පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් නරඹන්න
 
 
 

 
 
 
 
THE LEADER TV 
කොහොමද සර් කෑම? අති විශිෂ්ටයි !
 
 

 
 
චිචීගේ පාට්වලට දයාසිරිට මල පැනලා !
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්