සෞඛ්‍ය අංශ විසින් මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා ගෙනයනු ලබන වැඩපිළිවෙල

ශක්තිමත් කරමින් ස්විට්සර්ලන්තයේ Swiss Medical Technology සහ Aero Lines Zurich GmbH & Operation Center යන ආයතන දෙක විසින් රුපියල් ලක්ෂ 66 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සහ වෛද්‍ය උපකරණ තොගයක් අද (06) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

 
එම උපකරණ තොගය වෛද්‍ය සැපයීම් අංශයේදී නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත මෙරට හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත විසින් පරිත්‍යාග කරනු ලැබීය.
 
මෙම අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ අතර ශල්‍ය මුව ආවරණ (Surgical Masks) 152000 ක්, පුද්ගලික ආරක්ෂිත ඇඳුම් (PPE Kit),  ප්‍රතිදේහජනක පරික්ෂණ කට්ටල (Antigen Test Kit) 471, නවීන තාක්ෂණික ස්වයංක්‍රීය අත්සේදුම්කාරක දියර යන්ත්‍ර 16 ක් ද විය.
 
මෙම ප්‍රදානයන් මෙරට සෞඛ්‍ය සේවාව වෙත ලබාදීම පිළිබදව සිය ස්තූතිය පුද කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරිත්‍යාගයන් රැසක් ලැබී ඇති බවත්, එම හේතුවෙන් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් වීමට හේතු වී ඇති බවයි. 
 
මෙම වෛද්‍ය උපකරණ කඩිනමින් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ලබන රෝහල් වෙත ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
 
හොටල් හිමියන්ගේ සංගමයේ හෝටල් 50 ක් පමණ මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වයෙන් කොවිඩ් ප්‍රතිකාර ඇඳන් 5000 ක් මීට ඉහත දී ලබාදී ඇති අතර, එම ප්‍රදානයන් පිළිබදව පැහැදීමට පත්වූ ස්විට්සර්ලන්තයේ ආයතන දෙකක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට මෙම ප්‍රදානය සිදු කොට ඇත. 
 
 
ඉදිරියටත් මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා Swiss Medical Technology සහ Aero Lines Zurich GmbH & Operation Center යන ආයතන දෙක සහයෝගය ලබාදීමට  අදහස් කරන බව ද මෙරට හොටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත ප්‍රකාශ කළේය.
 
  
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, පරිත්‍යාග සම්බන්ධීකාරක රසමාණික්කම් යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
 
 dfgdfgrrr
nbvvb
dfgdfgrtr

 

 


THE LEADER TV 
 
 
 
විමල්ට හොඳ වැඩේ 
 
 
 
මම ඕවට නෑ' - චිචී දස අතේ දිවුරයි ! 
 
 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්