ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර ගේ පෞද්ලික සමාගමක් විසින් ප්‍රකාශයට පත්කරනු ලබන "සති අග අරුණ" පුවත්පතේ පලවී තිබු පුවතක් සම්බන්ධයෙන් වහාම
විමර්ශනයක් කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පොලිසියට නියෝගකර ඇත.  
 
"ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට - ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා" මැයෙන් "සති අග අරුණ" පුවත්පතේ පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය, අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවට එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පවසයි.
 
මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. 
 
 
 
WhatsApp Image 2021 10 23 at 11.08.56 AM 
 
WhatsApp Image 2021 10 23 at 11.08.57 AM
 
'ද ලීඩර්' වෙත වාර්තා වන පරිදි ජනාධිපති කාර්යාලයේ මෙම නිවේදනය නිකුත්කිරීමට පෙර ජනාධිපතිවරයා, 'අරුණ' පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලෙපෙරුමට දුරකථන ඇමතුමක් ලබාදෙමින් අදාල පුවත සම්බන්ධයෙන් කනස්සල්ල පළකර ඇතැයි වාර්තාවේ. 
 
පසුගියදා ශ්‍රි ලංකාවට හදිසියේ ඉන්දියාවෙන් ගෙන්වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සඳහා මුදල් ගෙවීමේදී ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීම මත මීට දින හතරකට පෙර මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ හදිසියේ ආරම්භ කළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් නම් ගිණුමකට රජයේ මුදල් රුපියල් 29 කෝටි තිස් දෙලක්ෂයක් බැර කර ඇති බවත් පාර්ලිමේන්තුව හෝ අමාත්‍ය මණ්ඩලයවත් නොදන්වා මේ තරම් විශාල මුදලක් පෞද්ගලික ගිණුමකට යොමු කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ඊයේ  (22)  පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
 
 
ඔහු මේ පිළිබඳව මෙසේ පාර්ලිමේන්තුවේදී මෙසේ විස්තර කළේය.
 
''රටේ තිබෙන පොහොර ප්‍රශ්නය හමුවේ පසුගියදා ඉන්දියාව පොහොර ආනයනය කිරීමට කටයුතු කළා. ඒ පොහොර ගෙන්වූයේ ඉන්දියානු ගොවීන්ගේ පොහොර සමුපකාර සමාගමෙන්. . පොහොර ගෙන්වීමට කටයුතු කළේ ලංකා පොහොර සමාගම.
 
 නමුත් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව භාණ්ඩාගාරයේ මුදල් මහජන බැංකුව මඟින් එම බැංකුවේ පසුගිය 18 වැනිදා ආරම්භ කළ නව ගිණුමක් හරහා ගෙවන ලෙස නියෝග ලැබිල තිබෙනවා. මේ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඉන්නවා. ඒ මොහාන් ටී පෙරේරා, ජී.එම් වීරසිංහ. මේ අය කවුද? පොහොර සමාගම් අයිතිකාරයොද?
 
1474995728s
                                                        මොහාන් ටී පෙරේරා සහ  ගීහානි වීරසිංහ
 
 
 
මේ සල්ලි ගෙව්වේ කොහොමද ?
 
 
 
භාණ්ඩාගාරයේ මහජන බැංකුවට ඉල්ලීමක් කරල තිබෙන මහජන බැංකුවේ සල්ලි වෙනුවට ටී.ටී ක්‍රමයට යැවීමට උපදෙස් ලැබී තිබෙනවා. ලංකා පොහොර සමාගම තිබියදී ආපු මේ පෞද්ගලික සමාගම කවුද?
 
මේක අරුම පුදුම රටක්. මේ විදිහට පෞද්ගලික ගිණුමකට ආව මහජන බැංකුවේ සල්ලි ඩොලර් මිලියන 1.257ක්. 29 කෝටි 32 ලක්ෂයක්. මෙම අරමුදල් පෞද්ගලික ගිණුමකට මහජන බැංකු කොහොමද බැර කරන්නේ?
 
ඩොලර්වලින් මෙම ගිණුමට යොදපු මුදල්වලින් ඉන්දියානු සමාගමට මේ වනවිට ගෙවා තිබෙන්නේ . ඩොලර් ලක්ෂ 3යි. ඩොලර් 50000ක් නැව් ගාස්තු . මෙලෙස ගෙවූ මුදල් රුපියල්වලින් නව කෝටියෙක් විතර. මේ ගිණුමේ තවත් කෝටි 20කට වඩා තිබෙනවා. . රජයේ අරමුදල් මහජන බැංකුව හරහා මේ පාර්ලිමේන්තුව දන්නේ නැතිව මම හිතන්නේ කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතිව කොහොමද කරන්නේ?
 
 
ඒ විතරක් නෙවෙයි 18 වැනිදා ආරම්භ කළ මේ ගිණුමේ පවතින ඉතිරි ඩොලර් රුපියල්වලට පරිවර්තනය කරන්න කියල මහජන බැංකුවට අධ්‍යක්ෂවරුන් දිගටම බලපෑම් කරන බව පැවසෙනවා.
 
මේ අධ්‍යක්ෂවරු තවමත් හැඳුනුම්පත් අංකවත් බැංකුවට ලබා දී නැති බව බැංකුව කියනවා. ඉන්දියාවට ඩොලර්වලින් ගෙවන්න නම් මේවා රුපියල්වලට පරිවර්තනය කරන්නේ ඇයි? ඉන්දීය සමාගම ලංකා රුපියල්වලින් මුදල් ඉල්ලනවද?
 
 
මේක මහා පරිමාණ සිද්ධියක් රජයේ මුදල් ඒ විදිහට හුවමාරු කිරීමේ නෛතික බලය කුමක්ද? ගොවීන්ට පොහොර නැතිව මහ පාරේ දුක් විඳින වෙලාවේ විසි නව කෝටියක් එහෙට මෙහෙට මාරු කරන්න මොකක්ද තිබෙන නෛතික බලය? '' විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
 

 
 
 
 
කෘෂිකර්ම ඇමතිගේ පැහැදිලි කිරීම :
 
 
විජිත හේරත් මන්ත්‍රීවරයාගේ මේ අනාවරණය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිතුරක් ලබා දුන්නේය. 
 
ඔහු සඳහන් කළේ ඉන්දීය පොහොර සමාගමෙන් මෙම නැනෝ නයිට්‍රජන් ලබා ගැනීමේදී ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමක් වුණු බවයි. 
 
ඒ අනුව මෙම යෝජනාව ගෙනා සමාගම ලෙස යුනයිටඩ් ෆාමරස් ට්‍රස්ට් ලිමිටඩ් නම් සමාගම ඉන්දීය පොහොර සමාගමේ දේශීය නියෝජිතයා ලෙස පත් කරන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මෙම දේශීය නියෝජිත සමාගම හරහා අදාල මුදල් හුවමාරු වූ බවයි. එබැවින් එහි කිසිදු වංචාවක් හෝ හොරයක් සිදුව නැති බව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
 
 
 
G. I . වීරසිංහ කියන කතාව :
 
 
 
මෙම පොහොර ගනුදෙනුවට සම්බන්ධ බව පැවසෙන මෙරට ප්‍රකට චරිතයක් වන G. I . වීරසිංහ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහන් කිහිපයක් පහත පළවේ . 
 
WhatsApp Image 2021 10 23 at 11.09.53 AM 
 
පී. බී. Vs දිලිත්
 
 
 
ජනාධිපති ලේකම් හා ජනාධිපතිගේ සමිතම හිතවතකු වන දිලිත් ජයවීර අතර කිසියම් අමනාපයක් පවතිනබව දේශපාලන ක්ෂේත්‍රයේ කිසිවකුට රහසක් නොවේ.
 
පසුගිය සැප්තැම්බර් අග දී දිලිත් ජයවීර සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ. 
 
''මගේ අදහස වන්නේ ආචාර්ය පී.බී. දැනට රට වෙනුවෙන් ඉටුකර ඇති සේවය අතිශයින් ප්‍රමාණවත් බවය.'' - දිලිත් ජයවීර 
 
Dilith Post 1
 
 
 

 
  
සබැඳි පුවත :
 
THE LEADER TV 
 
 
සාටකේට සොහොන් ලකුණු ගොට්ටෝ හාන්සි | මොණරවිල ලියමන 

  

ජනාධිපති ආර්යාව බයෙන් ! 

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්