ඉන්දියාවෙන් මෙරටට නැනෝ නයිට්‍රජන් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින United Farmers Trust Ltd සමාගමට සුවිශේෂ අනුග්‍රහයක් දක්වන ලෙස ජනාධිපති කාර්යාලයේ ඉහල නිලධාරියකු මහජන බැංකුවේ -
ටවුන් හෝල් ශාඛාවට දිගින් දිගටම බලපෑම් කර ඇති බව අද (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 
 
මෙම සමාගමට වහාම බැංකු ගිණුමක් විවෘත කරදෙන ලෙස ජනාධිපති කාර්යාලයේ අදාල බලධාරියා නියෝගකර ඇත්තේ ඔක්තෝම්බර් 18 වෙනිදාය. 
 
මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු ගේම ගජ මිතුරන් ලෙස ව්‍යාපාර මෙහෙයවූ පුද්ගලයින් බව පැවසේ. 
 
 
විජිත හේරත්ගේ හෙළිදරව්ව !
 
 
පසුගියදා ශ්‍රි ලංකාවට හදිසියේ ඉන්දියාවෙන් ගෙන්වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සඳහා මුදල් ගෙවීමේදී ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීම මත මීට දින හතරකට පෙර මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ හදිසියේ ආරම්භ කළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් නම් ගිණුමකට රජයේ මුදල් රුපියල් 29 කෝටි තිස් දෙලක්ෂයක් බැර කර ඇති බවත් පාර්ලිමේන්තුව හෝ අමාත්‍ය මණ්ඩලයවත් නොදන්වා මේ තරම් විශාල මුදලක් පෞද්ගලික ගිණුමකට යොමු කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් අද (22)  පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
 
 
 
පසුගිය 18 වැනිදා ආරම්භ කළ මෙම මුදලට විසි නව කෝටි තිස් දෙලක්ෂයක් බැර කළද මේ වනවිට ගෙවා ඇත්තේ නව කෝටියකට ආසන්න මුදලක් වන අතර මේ වනවිට ඉදිරි රුපියල් කෝටි 20කට අධික මුදල රුපියල්වලට පරිවර්තනය කරන ලෙස ට එහි අධ්‍යක්ෂවරුන් වෙතින් මහජන බැංකුවට ඉල්ලීම් කර ඇති බවද විජිත හේරත් මන්ත්‍රීවරයා තවදුරටත් අනාවරණය කරමින් පැවසුවේ, මෙම පොහොර ගනුදෙනුව පිළිබඳ ව පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතු බවය.
 
 
ඔහු මේ පිළිබඳව මෙසේ පාර්ලිමේන්තුවේදී මෙසේ විස්තර කළේය.
 
''රටේ තිබෙන පොහොර ප්‍රශ්නය හමුවේ පසුගියදා ඉන්දියාව පොහොර ආනයනය කිරීමට කටයුතු කළා. ඒ පොහොර ගෙන්වූයේ ඉන්දියානු ගොවීන්ගේ පොහොර සමුපකාර සමාගමෙන්. . පොහොර ගෙන්වීමට කටයුතු කළේ ලංකා පොහොර සමාගම.
 
 නමුත් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව භාණ්ඩාගාරයේ මුදල් මහජන බැංකුව මඟින් එම බැංකුවේ පසුගිය 18 වැනිදා ආරම්භ කළ නව ගිණුමක් හරහා ගෙවන ලෙස නියෝග ලැබිල තිබෙනවා. මේ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඉන්නවා. ඒ මොහාන් ටී පෙරේරා, ජී.එම් වීරසිංහ. මේ අය කවුද? පොහොර සමාගම් අයිතිකාරයොද?
 
 
මේ සල්ලි ගෙව්වේ කොහොමද ?
 
 
 
භාණ්ඩාගාරයේ මහජන බැංකුවට ඉල්ලීමක් කරල තිබෙන මහජන බැංකුවේ සල්ලි වෙනුවට ටී.ටී ක්‍රමයට යැවීමට උපදෙස් ලැබී තිබෙනවා. ලංකා පොහොර සමාගම තිබියදී ආපු මේ පෞද්ගලික සමාගම කවුද?
 
මේක අරුම පුදුම රටක්. මේ විදිහට පෞද්ගලික ගිණුමකට ආව මහජන බැංකුවේ සල්ලි ඩොලර් මිලියන 1.257ක්. 29 කෝටි 32 ලක්ෂයක්. මෙම අරමුදල් පෞද්ගලික ගිණුමකට මහජන බැංකු කොහොමද බැර කරන්නේ?
 
ඩොලර්වලින් මෙම ගිණුමට යොදපු මුදල්වලින් ඉන්දියානු සමාගමට මේ වනවිට ගෙවා තිබෙන්නේ . ඩොලර් ලක්ෂ 3යි. ඩොලර් 50000ක් නැව් ගාස්තු . මෙලෙස ගෙවූ මුදල් රුපියල්වලින් නව කෝටියෙක් විතර. මේ ගිණුමේ තවත් කෝටි 20කට වඩා තිබෙනවා. . රජයේ අරමුදල් මහජන බැංකුව හරහා මේ පාර්ලිමේන්තුව දන්නේ නැතිව මම හිතන්නේ කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතිව කොහොමද කරන්නේ?
 
ඒ විතරක් නෙවෙයි 18 වැනිදා ආරම්භ කළ මේ ගිණුමේ පවතින ඉතිරි ඩොලර් රුපියල්වලට පරිවර්තනය කරන්න කියල මහජන බැංකුවට අධ්‍යක්ෂවරුන් දිගටම බලපෑම් කරන බව පැවසෙනවා.
 
මේ අධ්‍යක්ෂවරු තවමත් හැඳුනුම්පත් අංකවත් බැංකුවට ලබා දී නැති බව බැංකුව කියනවා. ඉන්දියාවට ඩොලර්වලින් ගෙවන්න නම් මේවා රුපියල්වලට පරිවර්තනය කරන්නේ ඇයි? ඉන්දීය සමාගම ලංකා රුපියල්වලින් මුදල් ඉල්ලනවද?
 
 
මේක මහා පරිමාණ සිද්ධියක් රජයේ මුදල් ඒ විදිහට හුවමාරු කිරීමේ නෛතික බලය කුමක්ද? ගොවීන්ට පොහොර නැතිව මහ පාරේ දුක් විඳින වෙලාවේ විසි නව කෝටියක් එහෙට මෙහෙට මාරු කරන්න මොකක්ද තිබෙන නෛතික බලය?.
 
 
 
 
 
කෘෂිකර්ම ඇමතිගේ පැහැදිලි කිරීම :
 
 
මේ අනාවරණය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද අද පාර්ලිමේන්තුවේදී පිළිතුරක් ලබා දුන්නේය. 
 
ඔහු සඳහන් කළේ ඉන්දීය පොහොර සමාගමෙන් මෙම නැනෝ නයිට්‍රජන් ලබා ගැනීමේදී ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමක් වුණු බවයි. 
 
ඒ අනුව මෙම යෝජනාව ගෙනා සමාගම ලෙස යුනයිටඩ් ෆාමරස් ට්‍රස්ට් ලිමිටඩ් නම් සමාගම ඉන්දීය පොහොර සමාගමේ දේශීය නියෝජිතයා ලෙස පත් කරන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මෙම දේශීය නියෝජිත සමාගම හරහා අදාල මුදල් හුවමාරු වූ බවයි. එබැවින් එහි කිසිදු වංචාවක් හෝ හොරයක් සිදුව නැති බව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
 
 
(උපුටා ගැනීම් - lankasara.com)
 
 
සබැඳි පුවත් 
 
 

THE LEADER TV 
 
ජනාධිපති ආර්යාව බයෙන් ! 
 
 
හොරුන්ට රෙද්දෙ ගිය ගුරු සටන | මොණරවිලගේ ලියමන
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්