බහුජාතික සමාගම් දෙකකට කෘෂි රසායන අලෙවියේ 92% ක පංගුවක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවට සමාජ මාධ්‍ය වලින්
චෝදනා එල්ලවෙමින් තිබේ. 
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු ආණ්ඩුකාරවරයකු පවසන්නේ'' රටේ කෘෂි රසායන අවශ්‍යතාවයෙන් 92% ක් බහු ජාතික සමාගම් දෙකකට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගජමිතුරන් කටයුතු කරන බවයි. 
 
''බහු ජාතික සමාගම් දෙකකට කෘෂි රසායන අලෙවියේ ඒකාධිකාරය ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.  කාබනික පොහොර සංකල්පය යටතේ හිඟයක් ඇති කර රසායන පොහොර ගෙන්වූ ආකාරයටම, රටේ කෘෂි රසායන අවශ්‍යතාවයෙන් 92% ක් බහු ජාතික සමාගම් දෙකකට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගජමිතුරන් කටයුතු කරන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
කෙසේවුවද රජිත් කීර්ති තෙන්නකෝන් එම බහුජාතික සමාගම් කවරේදැයි හෙළිදරව් කර නොමැත. 
 
ඔහුගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ. 
 
 
''නිදහස් කෘෂි රසායන වෙළඳාමට ඉඩ සැලසිය යුතුයි.''
 
 
කෘෂි රසායන තහනම ඉවත් කරන බවට කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ප්‍රකාශ කලා.  මේ වන විට බහුජාතික සමාගම් නියෝජිතයෙකු මහජන බදු මුදලින් ලංකාවට ගෙන්වන කෘෂි රසායන ලැයිස්තුවක් හදාගෙන යනවා. එයින් 92% ක් බහුජාතික සමාගම් දෙකකට ලබා දෙන්නට සුදානම් වෙනවා. 
 
පුද්ගලික ව්‍යාපාරිකයින්, කෘෂි රසායන අලෙවිකරුවන්ට කෘමි නාශක, වල් නාශක, දිලීර නාශක බෙදීම තහනම් කරලා ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් ගොවියන්ට සල්ලිවලට බෙහෙත් බෙදන්න හදනවා.
 
rajith fer 
 
පොළොන්නරුවේ, මහියංගන, මාතලේ බඩ ඉරිඟු වගාව සේනා දළඹුවා සතියෙන් විනාශ කළා. දළඹු, මැසි, පණු හානියෙන් දවස් දෙක - තුනක දී වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ගොවියාට බෙහෙත් ටික ගන්න තැනක් නැතිනම් පෝලිමේ ඉදලා එනකොට වගාව විනාශ වෙලා ඉවරයි.
 
 
කාබනික පොහොර ඒජන්ත !
 
 
කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ කාබනික පොහොර ඒජන්තයෙක් ලෙස කටයුතු කලා. රසායන පොහොර ගෙන්වන්න ඕනි වුනාම ගැසට් එක වැරදියි කියලා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පාවා දුන්නා.  මේ අයට කිසිම ප්‍රතිපත්තියක් නෑ. ඕන වෙලා තියෙන්නේ ගජමිතුරුන්ට සලකන එක විතරයි.
 
 
කෘෂි රසායන තහනමත් මඩිය තරකර ගන්න හදපු කෙමනක්.  හෙට (ඔක්. 22) මේ තහනම ඉවත් කරන්න හදන්නේ බහු ජාතික සමාගම් දෙකකට අවශ්‍ය විදිහටයි.  
 
සමාගම් නියෝජිතයෝ කෘෂිකර්ම අමාත්‍යාංශයට ඇවිත් ලැයිස්තු හදලා බඩු ගෙන්වන්න අවසර ගන්නවා.  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බල්ලා මාක් ගහලා පැත්තකට කරලා තියෙනවා.  
 
මෙවැනි ප්‍රතිපත්ති තීරණයක් ත යුත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බලධාරීන් මිසක් සමාගම් නියෝජතයෝ නෙවෙයි. 
 
මේ හදන්නේ ගොවියෝ අන්ත අසරණ කරලා, රටේ සාරය ගොවියාගේ දහඩිය මහන්සිය මංකොල්ල කන්නයි.   
 
ජනාධිපතිවරයා දැන්වත් මේ කාබනික වගා නාටකය අවසන් කළ යුතුයි.  ගජමිතුරෝ රැලකට රටේ කාෂිකර්මය විනාශ කරමින් රටේ ආර්ථිකය උරා බොන්නට ඉඩ නොදිය යුතුයි'' යැයි ද හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 
 
 
ඇමතිට හා රාජ්‍ය ඇමතිට කුණු බැනුම් !
 
  
ඇමති කැමති කොම්පැනියෙන්, ටෙන්ඩර් නැතුව රුපියල් බිලියන 9 ක නැනෝ නයිට්‍රජන් මිල දී ලීටර් මිලියන 2.1 ක් මිල දී ගැනීමට ‘කාබනික වගාව‘ නොව ගොවියාගේ බෙල්ල මිරිකලා රටේ කෘෂිකර්මයේ ආදායම සාක්කුවට දමා ගැනීමක් යැයි යැයි ද හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
 
 
මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම මගඩිය වාර්තාවීමත් සමග ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට සහ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ට දැඩි ලෙස දෝශාරෝපනය කල බවයි. 
 
පොහොර සම්බන්ධ කිසිඳු ගනුදෙනුවකට තමාගේ සම්බන්ධයක් නොමැති බවත්, නැනෝ නයිට්‍රජන් මිල දී ගැනීම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත එරට රාජ්‍ය ආයතනයකින්  සිදුකල මිලදී ගැනීමක් බවත් අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇතැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 
 
කෙසේවුවද මෙම නැනෝ නයිට්‍රජන් මිල දී ගැනීමේ ගනුදෙනුවට යහපාලන රජයේ ඇමතිවරු කීප දෙනෙකුගේ ගජ මිතුරකු ලෙස ජාවාරම් කළ 'ඩීල් මොහාන්' නමැති ජාවාරම්කරුවකු ද සම්බන්ධ බවට බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද පැවසේ. 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

THE LEADER TV 
 
අංඥකොරෝස් වෙන්න ළගයි අයින් කරලා දාන්න. | ස, ගේ දැනගැනීම පිණිසයි 
 
 
ලොන්තපෝල් ඩීල් ලාන් | මොණරවිලගේ ලියමන
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්