leader s

ඇමති කැමති කොම්පැනියෙන්, ටෙන්ඩර් නැතුව රුපියල් බිලියන 9 ක නැනෝ නයිට්‍රජන් මිල දී ලීටර් මිලියන 2.1 ක් මිල දී ගැනීමට ‘කාබනික වගාව‘ නොව
ගොවියාගේ බෙල්ල මිරිකලා රටේ කෘෂිකර්මයේ ආදායම සාක්කුවට දමා ගැනීමක් යැයි  යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
 
''කෘෂි රසායන - රසායන පොහොර මිලදී ගැනීමට ඩොලර් නැති නිසා ඇරඹූ ඊනියා ‘කාබනික වගා නාට්‍යය‘ ගොවියා කාබාසිනියා කර, ගොවිතැන විනාශ කර  තිබෙනවා. දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරලා, රටපුරා පෙළපාලි, පිකටින්, පඹයෝ පුච්චන තැනකට වැටුණා.  අර්බුදයක් ඇති කරලා මල්ල පුරවා ගැනීමේ න්‍යාය අද ලංකාවේ දේශපාලන ව්‍යාවපාරය'' යැයි ඔහු කියා සිටියි.
 
rajith sde 
 
''අද පොහොර ගෙන්වන්න ටෙන්ඩර් නෑ. මිල ගණන් නෑ. තරඟකරුවෝ නෑ.  ලංකාවේ මහ කන්නයේ අක්කර ලක්ෂ 8 ක වී වගාවටත්, වෙනත් වගාවන්ටත් අවශ්‍ය යැයි කියන පොහොර එක සමාගමකින් විවෘත මිල ගණන් නැතිව ගෙන්වා තියෙනවා. මේ දක්වා සමාගම් 6 ක් ගෙන්නපු රටේ අවශ්‍යතාවය ඇමති - ලේකම් කැමති තනි සමාගමකට දීලා තියෙනවා. ගනුදෙනුවේ වටිනාකම රු. බිලියන 9 යි.  තවත් බිලියන 3 ක මිලදී ගැනීම් සඳහා සුදානම් වෙනවා.
 
 
අර්බුදයක් ඇති කරලා, රටක් හූරාගෙන කෑමේ ව්‍යාපෘතියට හොඳම උදාහරණයක් තමයි ගොවියාට කාබනික පෙන්නලා වැඩි මිලට බන්ඩි පොහොර ගෙන්වීම. සීනි ජාවාරම, පොල්තෙල් ජාවාරම වගේම මගඩියක්. 
 
 
මහ කන්නය පටන්ගන්න වල් නාශක නැති කම නිසා නැගෙනහිර, මහවැලි කලාපවල, මහියංගනය කුඹුරු අතහැර දමලා. උඩරට එළවළු වගාව, මල් වගාම සම්පූර්ණයෙන්ම නැවතිලා. හරිතාගාර වහලා දානවා.  වල් නාශක ඕනි කාලයට ආණ්ඩුව බන්ඩි පොහොර ගෙනල්ලා ඒවා ගබඩා ගරගෙන ඉන්නවා.  එම්.ඕ.පී. පොහොර අවශ්‍ය කිසිම වගාවකට ඒවා නිකුත් කරන්නේ නෑ.  කාබනික ලේබලේ ගහලා ආණ්ඩුවේ භාණ්ඩාගාරය හිස් කරලා තියෙනවා.
 
 
# උඩරට ගොවියෝ දිලීර නාශක - කෘමි නාශක ඉල්ලනවා.  ආණ්ඩුව දෙන්නේ නෑ.
# වියළි කලාපයට වල් නාශක - කෘමි නාශක ඉල්ලනවා. ආණ්ඩුව දෙන්නේ නෑ.
# රටම පොහොර ඉල්ලනවා - පොහොර නැතිව දියර පොහොර ගෙනල්ල මඩිය තර කර ගන්නවා.
 
 
 
හෙට අනිද්දාට, තනි සමාගමකට කෘෂි රසායන ඒකාධිකාරය දෙන්න අවශ්‍ය පරිසරය ගොඩ නගාගෙන යනවා.  ටෙන්ඩර් නැතිව ඇමති කැමති සමාගමකට කෘෂි රසායන ඒකාධිකාරය දෙන්න හදනවා.  බෙහෙත් බෝතලයක් ගන්න කිරි පිටි, ගෑස්, සීනි ගන්න වගේම පොලීමේ ඉන්න වෙල යුගයක් හැදෙනවා.  ගොවියත් විනාශයි. රටත් විනාශයි. හැබැයි ගජ මිතුරෝ විතරක් ගොඩ යනවා..''යැයි ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් වැඩි දුරටත් කියා සිටියේය.
 

 
The Leader TV
 
අපෙන් රටට ම ගව පෝර? | මොණරවිල ලියමන | 
 
 
ඉන්දියාව බැසිල්ට මොනවා කරයිද ? 
 
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්