නීති විරෝධී කටයුතු නිසා හිරේ විලංගුවේ වැටී ජනාධිපති අනුහසින් නිදහස ලත් අන්තවාදී භික්ෂුවකගේ නායකත්වයෙන් නීති සම්පාදනය සඳහා පත් කරන

ලද කාර්ය සාධක බලකායක ‘අඩුව පිරිමැසීම’ සඳහා හිටපු කතානායකවරයා යෝජනා ඉදිරිපත් කර තිබේ.

 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ගැසට් නියමයෙන් එක් රටක්, එක් නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායේ නායකත්වයට බොදුබල සේනානායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පත් කිරීම දැඩි ප්‍රහාරයට ලක් වුවද, සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ නායකත්වය දරන කරු ජයසූරිය ඒ සම්බන්ධයෙන් අදහස් පල කිරීමෙන් වැළකී සිටී.
 
“එක් රටක්, එක් නීතියක් ජනාධිපති කාර්යසාධක බලකාය ගැසට් නිවේදනය අනුව එය, "පුද්ගලයන් සමාන ලෙස සලකන බව තවදුරටත් තහවුරු" කිරීමට පත් කර තිබේ. එහෙත් සියලු ජනවර්ග හෝ ස්ත්‍රීන් මෙම  කමිටුව තුළ නියෝජනය නොවේ. අභ්‍යන්තර විවිධත්වයෙහි අඩුව පිරිමැසීම පිණිස ඊට මහජන අදහස් විමසීමට හැකි විය යුතුය,” යි කරු ජයසුරිය ට්විටර් පණිවිඩයකින් දන්වා තිබේ.
 
වර්තමාන අගමැති සහ හිටපු ජනාධිපති හවුල්වී ඉකුත් පාර්ලිමේන්තුවේ බලය පැහැරගත් අවස්ථාවේ ඊට එරෙහිව සටන් වැදුණු අයකු සේ සැලකෙන හිටපු කතානායකවරයා, නීති සම්පාදනය බාර පාර්ලිමේන්තුව වෙනුවට රටටම එක නීතියක් සැකසීමට වෙනම ආයතනයක් පිහිටුවීම පිළිබඳවද කිසිත් පවසා නැත.
 
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ යුද අයවැය සම්මත කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හැරගොස් ඇමැති ධූර භාර ගැනීමෙන් සැදැහැවත් බෞද්ධයකු සේ ප්‍රකට කරු ජයසූරියගේ දේශපාලනය ඉතිහාස ගතවී තිබේ. 
 
 

THE LEADER TV 
 
නැව ඉන්දු - චීන යුද්ධයකට ? | අද ගොසිප් එක
 
 
රට නං ඉවරයි වහ බොමු | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්