පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ හමුදාව වාඩිලා සිටි ඉඩම් නිදහස් කිරීමේදී

පොන්නම්බලම් අනුස්මරණ රෝහල තවදුරටත් හමුදාව යටතේ තබා ගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

 
තුන් මසකින් යළි බාර දෙන බවට ඉඩම් හිමියන්ට 2017 දී පොරොන්දු වූ රජයේ හමුදා ප්‍රධානින් සිව් වසරකට පසු ඉකුත් සතියේදී ඉඩම් අක්කර 11 ක් මුදා හැරිණි.
 
එහෙත් ප්‍රදේශයේ මාධ්‍යකරුවෝ පවසන්නේ හය මසකින් නිදහස් කරන බවට පොරොන්දුවූ හමුදාව වාඩිලා සිටි  පොන්නම්බලම් අනුස්මරණ රෝහල නිදහස් කර නොමැති බවය.
 
682 වැනි පාබල සේනාංකයේ මුලතිව් මුලස්ථානයේ පැවති උත්සවයකදී දිස්ත්‍රික් හමුදා අණදෙන්නා වූ මේජර් ජෙනරාල් සිසිර පිලපිටිය ඉඩම් නිදහස් කිරීමේ ලියවිලි දිස්ත්‍රික් ලේකම් කේ.විමලනාදන් වෙත බාර දී තිබේ.
 
efgfs 
 
යුද්ධය අවසන්ව ප්‍රදේශයේ ජනයා නැවත පදිංචියට පැමිණෙන විට පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටපවුල් 49 ක් පදිංචිව සිටී අක්කර 19 ඉඩම රජයේ හමුදා අත්පත් කරගෙන එහි හමුදා කඳවුරක් ඉදිකර තිබිණි.
 
තමන්ට අයත් ඉඩම් නිදහස් කරන ලෙස ඉඩම් හිමියෝ 2017 මාර්තු මාසයේ පාබල හමුදා කඳවුර ඉදිරිපිට දියත් කළ සත්‍යග්‍රහය හමුවේ අක්කර 07 ක් නිදහස් කරමින්, බලහත්කාරයෙන් අල්ලා ගත් සෙසු කොටස් හය මසක් ඇතුලත මුදා හරින්නට පොරොන්දු විය.
 
පාබල හමුදා අත්පත් කරගත්, පවුල් 29 පදිංචිව සිටි ඉතිරි ඉඩම්  අක්කර 11 දෙවැනි පියවර ලෙස මාස තුනක කාලයකින් හා හමුදාව අත්පත් කර ගත් පොන්නම්බලම් රෝහල නිදහස් කිරීමට මාස හයක කාලයක් ගත වන බවද  හමුදා ප්‍රධානින් සදහන් කර තිබුනි.
 
ඒ අතර 682 පාබල හමුදා සේනාංකයේ නව මුලස්ථානය පිහිටුවුයේ මුලතිව් පරන්තන් විදියේ රජයට අයත් අක්කර 75 ක ඉඩමක් පවරා ගෙනයි.
 
හමුදාව නව කඳවුරට මාරුවීමත් සමඟ තව දුරටත් තම ඉඩම් නිදහස් නොකිරීම ගැන ඉඩම් අහිමිවුවෝ උද්ඝෝෂණයේ යෙදෙමින් සිය ගැටලුව සියලු පාර්ශවයන්ගේ අවධානයට යොමු යොමු කළහ.
 
යුද්ධයෙන් අල්ලාගත් ඉඩම්වලින් සියයට අනූවක් පමණ ආපසු පවරා දී ඇති බවට ආණ්ඩුව පසුගිය සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් කොමිසමට කළ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් සිවඥානම් පෙන්වා දී තිබුනේ අක්කර දහස් ගණනක් තවමත් හමුදාව සන්තකයේ පවතින බවය.
 

 

 

 


 

THE LEADER TV 
 
 
 

ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන 

 

ජී. එල්. ටත් කැපිල්ලක් ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්