පෞද්ගලික ඉඩමක් පවරා ගැනීමට ගිය නාවික හමුදාව මහජන විරෝධය හමුවේ පසු බැස ගිය බවට යාපනය කීරීමලේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
 
කන්කසන්තුරෛ වරාය ආසන්නයේ ඓතිහාසික කීරිමලේ නගුලේශ්වරම් කෝවිල සමීපයේ පිහිටි ඉඩමක් පවරා ගැනීමට නාවික හමුදාව උත්සාහ කර ඇත්තේ එහි නාවික හමුදා කඳවුරක් ඉඳි කිරීමට බවයි ප්‍රදේශයේ මාධ්‍යවේදීන් පවසන්නේ.
 
හිමිකරුගේ කිසිදු එකඟතාවක් නොමැතිව ඉඩම් මැනීමට ඊයේ (2) පෙරවරුවේ පැමිණි රජයේ මිනින්දෝරුවෝ සිය කාර්ය අත්හැර දමා ඇත්තේ ප්‍රදේශවාසි ජනයාගේ හා දේශපාලන නායකයන්ගේ විරෝධය මැදයි.
 
නගුලේශ්වරම් කෝවිලේ පුජකවරයා, දෙමළ ජාතික පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්. කේ. සිවාජිලිංගම්, පළාත් පාලන ආයතන සභිකයන් සහ ප්‍රදේශවාසින් මෙම ඉඩම් පවරා ගැනීමට එරෙහි උද්ඝෝෂනයට එක්වී තිබේ.
 
  
ලොව පුරා හින්දු භක්තිකයන් අතර පන්චේශ්වරම් නමින් ප්‍රකට සිව දෙවිඳුන්ට කැපවූ කෝවිල් පහෙන් එකක් ලෙස නගුලේශ්වරම් කෝවිල සැලකේ. මන්නාරමේ තිරුකේතීස්වරම්, හලාවත මුන්නේස්වරම්, ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම් සහ දෙවුන්දර තොන්ඩෙශ්වරම් සෙසු කෝවිල් හතර ය.
 
 
තීරුතම්බලේශ්වරම් ලෙස ද නම් ලද  නගුලේශ්වරම් කෝවිල සමීපයේ පිහිටි කිරිමලේ පොකුණේ දිය නෑම ශරීර සෞඛ්‍යයට හිතකර බවට හින්දු භක්තිකයෝ විශ්වාස කරති.
 
 මුහුදට ආසන්නව පිහිටිය ද කීරිමලේ පොකුණේ දිය කිවුල් ස්වභාවයෙන් තොර බැවින් මෙය ජනතාව අතර ප්‍රකට වීමට හේතු වී තිබේ.
 
 
 

THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්