පහළොස් වසකට පෙර දකුණේ දී වෙඩි තබා මරා දැමූ දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු උතුරේදී අනුස්මරණය කර තිබේ.


මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ලෙස කටයුතු කළ පළමු ධූර කාලසීමාවේ, 2006 නොවැම්බර් 10 වැනිදා ඝාතනය කෙරුණු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ 15 වැනි සමරුව චාවකච්චේරි Ravi Raje11පිහිටි ඔහුගේ පිළිරුව අභියස ඊයේ [10] පැවැත්විණි.

අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින්ද එදිනම වවුනියාවේ සිය අඛණ්ඩ උද්ඝෝෂණ භූමියේදී චාම් රවිරාජ් සමරුවක් පවත්වා තිබේ.



චාවකච්චේරි නගර සභාවේ හිටපු මන්ත්‍රී ඥාණප්‍රකාසම් කිෂෝර් විසින් සංවිධානය කර තිබූ යාපනයේ සමරුවට තමිල් අරසු කච්චි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, මරා දමන ලදා මන්ත්‍රීවරයාගේ බිරිඳ ශෂිකලා රවිරාජ්, දියණිය ප්‍රවීනා රවිරාජ් ඇතුළු පවුලේ හා දේශපාලන හිතවතුන් රැසක් එක්ව සිටී බව ප්‍රදේශයේ මාධ්‍යවේදියෝ වාර්තා කරති.

රවිරාජ් මරා දැමීමට චෝදනා ලැබූ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරි දෙලිවලගෙදර ගාමිනි සෙනෙවිරත්න සහ බුද්ධි අංශ නිලධාරි කන්කානම්ගේ ප්‍රදීප් චාමින්ද කොළඹ හුණුපිටියේ පිහිටි ආරක්‍ෂිත නිවහනක සිට ක්‍රියාත්මක වූ බව නඩුවේදී හෙළිදරව් විය.

විශේෂ ජුරියක තීරණය මත මහාධිකරණය මගින් චුදිත නාවික හමුදා නිලධාරින් තිදෙනා නිදහස් කෙරුනේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරවය.

යුද්ධය පැවති සමයේ පිඩාවට පත් යාපනයේ දෙමළ ජනයා මුහුණ දුන් කටුකත්වය මෙන්ම රාජ්‍ය හමුදා විසින් උතුරේ මුදා හරිනු ලැබූ මානව විරෝධී අපරාධකාරිත්වය ගැන සිංහල බසින් දකුණට සන්නිවේදනය කළ රවිරාජ් ඒ ගැන පාර්ලිමේන්තුව තුල නිරන්තරයෙන් අරගල කළේය.

දකුණේ යුද විරෝධී හා දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී බලවේග සමඟ සමීපව කටයුතු කිරීම ඔහු මරා දැමීමට හේතු වූ බවට සැකකෙරේ.

 
 
 

 

THE LEADER TV
 

මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන


"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි 

 
ලන්සාට ගොඩහේවගෙන් සැර රිටන් එකක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්