දරාගත නොහැකි ආකාරයෙන් දිනෙන් දින ඉහළ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත හෙලන ලෙස

රජයට බල කරමින් යුද පීඩිත මුලතිව්හි දෙමළ ජනයා  විරෝධතාවයක් දියත් කර තිබේ.

ප්‍රාදේශිය දේශපාලනඥයන්ගේද සහභාගීත්වයෙන් නොවැම්බර් 11 වැනි බ්‍රහස්පතින්දා පුදුකුඩිඉරිප්පු නගරයේ සිට ප්‍රදේශිය සභාව දක්වා විරෝධතා පා ගමනින් පැමිනි ජනතාව ආණ්ඩුවට බල කර සිටියේ වහාම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමා ජනතාවට සහන ලබා දීමට  කටයුතු කරන ලෙසයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අසීමිත ලෙස ඉහළ යෑම නිසා තමන්ට ජීවත්වීම අතිශය අසිරු තත්වයක පවතින බව ඔවුන් අවධාරණය කර තිබේ.

බැනර සහ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් පා ගමනේ ගිය  විරෝධතාකරුවන් හිස් ගෑස් සිලින්ඩර් පටවාගත් කරත්තයක්ද සිය විරෝධතාව සදහා එක්කරගෙන තිබුනි.

උද්ඝෝෂණය  අවසානයේ ඔවුන් සිය ඉල්ලීම් ඇතුලත් ලිපියක් ප්‍රාදේශිය සභා සභාපතිවරයාට බාර දුන් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

tgyty


විරෝධතාවයට සහාය පළ කිරීම සදහා අද උදෑසන පුදුකුඩිඉරිප්පු නගරයේ වෙළදසැල්ල වසා දමා තිබු බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරති.

ලබන වසර සදහා වන අය වැය මුදල් ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ විසින් නොවැම්බර් 12 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අයවැයෙන් පුද්ගලික අංශයට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස බලකරමින් ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති එකමුතුව හෙට දහවල් එකේ සිට පාර්ලිමේන්තු වටරවුමේදී ඒකාබද්ධ උද්ඝෝෂණයක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කර තිබේ. 


 

THE LEADER TV

මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන 

 

"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
බැසිල්ගෙ ලන්සාට වියත්මග ගොඩහේවගෙන් සැර රිටන් එකක්! | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්