leader s

අගමැතිවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ප්‍රධාන බස් නැවතුම්පොළක මගීන් සඳහා වෙන්කර ඇති පෙදෙසෙහි ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කඩ කාමර ගණනාවක් සාදා ඇති බව හෙළි  වී තිබේ.


 වයඹ පළාතේ අගනගරයද වන කුරුණෑගලට පැමිණෙන ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් පෙදෙසෙහි කඩ කාමර ඉදි කර ගැනීමට පුද්ගලයන් 31 දෙනකුට අවසර ලබාදී ඇති බව අනාවරණය වී ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී ය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී ඇත. එම කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණය.

 මෙම ඉදිකිරීම් ආර්ථික උත්පාදන මාර්ගයක් ලෙස මහ නගර සභාව විසින් අර්ථ දක්වා තිබුණද මෙමගින් ජනතාවගේ පොදු යහපතට බාධා සිදුවන බව එහිදී  අනාවරණය වු බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.




 එසේම බස්නැවතුම්පොළ සඳහා සකස් කර තිබූ මූලික සැලැස්මෙන් බැහැරව මෙම ඉදිකිරීම් සිදු කොට නිවැරදි ක්‍රමවේදයකින් කඩ කාමර ලබාදී ඇති බව ද එහිදී හෙළිවී ඇත. 

 
ඇස්තමේන්තුව ඉක්මවා 41% ක මුදලක් ඉදිරිපත් කළ ලංසුකරුට කොන්ත්‍රාත්තුව
 
 
 
එසේම කුරුණෑගල මධ්‍යම වෙළඳපොළ ඉදිකිරීම සඳහා මහනගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවේ ඇස්තමේන්තුව ඉක්මවා 41% ක් එනම් රුපියල් 281,934,447ක මුදලක් ඉදිරිපත් කළ ලංසුකරුට කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

"විශේෂයෙන් මෙම කරුණ සාකච්ඡා කරන විට අනාවරණය වූයේ පළමුව සකස්කළ ඉන්ජිනේරු ඇස්තමේන්තුව නිවැරදිව සකස් වී නොමැති බවයි." එහිදී ගොඩනැගිල්ලට අවශ්‍ය සියලු අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත්වී නොමැති බව එහිදී තහවුරු වී ඇත.

 එබැවින් මේ සම්බන්ධයෙන් ඇස්තමේන්තුව සකස් කළ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව විසින් නිර්දේශ කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ෂෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ගුණපාල රත්නසේකර, කාදර් මස්තාන්, වීරසුමන වීරසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති  සහභාගි වී ඇත.


02
 
 

 
THE LEADER TV
 
  

චීන නැව නැංගූරම දායි ! | මොණරවිලගේ ලියමන 

  

සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්