රටේ මධ්‍යම පන්තිය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා වත්මන් රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කරයි.

ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF)  සහය ලබා ගන්න ලෙස ද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට යෝජනා කර සිටියි.

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය අදට (16) යෙදී තිබු අතර එයට සහභාගී වෙමින් එජාප නායකයා එම අදහස් පළ කළේය.

තව දුරටත් අදහස් දැක්වු එජාප නායකයා,

''මොකද්ද අද වෙන්නේ, ප්‍රධාන වශයෙන්, රටේ මධ්‍යම පන්තිය විනාශ වෙනවා. දැන් මේ මධ්‍යම පන්තිය නැතිකරන්න යනවා ද? අද අමාරුවෙන් ජීවත් වෙන්නේ. 70 වගේ නෙමෙයි. අද තියෙන්නේ වෙනත් කාලයක්. දැන් තරුණයින් ට මඤ්ඤොක්කා කාලා පුරුදු නෑ. අපි කෑවා පොඩි කාලේ කොළඹ හිටියත්. අද ඒක වෙන්නේ නෑ. අලුත් තැනකට යන්නේ.

ඒ කාලේ ටියුෂන් තිබුනේ නැහැ. අද ටියුෂන් තියෙනවා. ඒ කාලේ අපිට තිබ්බේ මොන වියදම් ද? මධ්‍යම පාන්තිකය නැති කරන්න එපා. 1920 දී ජර්මනිය වුනේ මේ දේ. හිට්ලර් ආවේ මධ්‍යම පාන්තිකය නිසා.



''ඒ නිසා මම කියන්නේ මේක ස්ථාවරභාවය ඇති කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් කතා කරන්න.  ඒ අය කියන්නේ නැහැ රැකියා අඩු කරන්න කියලා. ඉන්දියාව වගේ රටවල් එක්ක කතා කරන්න. ඒ අයගෙන් සහය ගන්න. බැංකුවල තියෙන මුදල්වල වටිනාකම ඉස්සරහට නැති වෙන්න පුළුවන්. ''



මෙම වසංගතය තව අවුරුදුක්  2ක් තියෙයි. රටවල් ගණනාවක සැපයුම බිද වැටිලා සමහර රටවල් කොවිඩ් වසංගතයට පමණයි ක්‍රියාකරේ. අපිට තියන විදේශ සංචිත වලින් රට ගෙනියන්න බැහැ . දැන් අපට තියන ප්‍රධාන අදායම්මාර්ග උගස් තියන්න හදන්නේ . අපිට GSP+ ලැබෙන්න ඕනේ එක නැති උනොත් විශාල ප්‍රශ්නයක් එනවා .

මීලගට පොහොර නැති නිසා මැයි වෙනකොට ආහාර හිගයක් එනවා. එකට ආහාර පිටරටින් ගෙන්නන සිදුවෙනවා. එකට මුදල් කොහෙද තියෙන්නේ ඩොලර් අගය මෙහෙමෙ ගියොත් තව මාස 6ක් ඇදගෙන යන්න බැහැ. ආනයන අපනයන සංචාරක ව්‍යාපාරයෙන් අදායම ලැබෙන්නේ නැති නිසා මේක ස්ථාවර කරන්න IMF එකත් එකක් කතා කරන්න." හිටපු අගමැතිවරයා කියා සිටියේය.


''කොවිඩ් වසංගතය මැද සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල් අඩු කලේ ඇයි ? ''


 සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කළ මුදල මෙවර අයවැයෙන් රුපියල් බිලියන 67කින් අඩු කර ඇති බව ද හිටපු අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා මුදල් අඩු කලේ කුමන කරුණක් හේතුවෙන්ද යන්න පිලිබඳ මුදල් ඇමතිවරයා විසින් සිය පිළිතුරු කතාවේදී උත්තරයක් දෙනු ඇති බවට තමන් බලාපොරොත්තු වෙන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



''පසුගිය අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබූ නමුත් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 234ක් පමණයි. ඒ අනුව බිලියන 67ක මුදලක් අඩු කරලා තිබෙනවා. මෙලෙස මුදල් අඩු කරලා කොරෝනා හෝ වෙනත් වසංගතයක් පාලනය කෙරෙන්නේ කොහොමදැයි?" හිටපු අගමැතිවරයා ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.



''සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අඩු කලාට ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩිකරලා තියෙනවා. මේ අවුරුද්දේ ආරක්ෂක අමාත්‍යාංශයේ බිලියන 402ක් නමුත් මේ අවුරුද්දේ බිලියන 421ක් වෙන් කරලා තියෙනවා. ගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරපු බිලියන 12ක් යුද හමුදාවට දුන්නා, නමුත් ඒ සියල්ල වෙන් කලේ අකුරේගොඩ හමුදා මුලස්ථානය හදන්න. ඒ මුදල් හරි දැන් ආපසු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන්න අවශ්‍යයි.


''අයවැය සමබර නැහැ''


ආණ්ඩුව ඉදිරිපත්කර ඇති අයවැය සමබර අයවැයක් නොවන බවට ද හිටපු අගමැතිවරයා චෝදනා කර සිටියේය.

''මේ ඉදිරිපත් කර තියෙන අයවැය සමබර අයවැයක් නෙමෙයි.. 2020 වසරේ කොවිඩ් තත්ත්වය පාලනය කරන්න කටයුතු කළා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද වෙනකොට වත් කොවිඩ් පාලනය කරන්න කටයුතු කරයි කියලා පාර්ලිමේන්තුවේ ඉන්න මේ සියලු දෙනා එකතු කරගන.'' රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය

 


THE LEADER TV

ආනන්ද පිටුපසින් ගන්ධබ්බයෙක් ! | මොණරවිලගේ ලියමන
 



ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 



මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්