leader s

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන ට ඉන්දීය රජයෙන් පිරිනැමුණු ඉහළම සිවිල් සම්මානයක් වන 'පද්ම ශ්‍රී' සම්මානය ප්‍රදානය කර

තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ ගෝපාල් බාග්ලේ විසින් අරලියගහ මන්දිරයේදී අද (17) එම සම්මානය ප්‍රදානය කර තිබුණි.

ඉන්දීය ජනරජ දිනයේදී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරවවලින් එකක් වන 'පද්ම ශ්‍රී සම්මානය' 2020 වසර සඳහා කලා ක්ෂේත්‍රයෙන් කළ මෙහෙවර වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රෙස්න සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකොට නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක වෙත එලෙස පිරිනැමිණි.

නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපති භවන් හිදී 2021 නොවැම්බර් 8 වනදා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් අතින් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක වෙනුවෙන් ඇයගේ දියණිය වන වත්සලා දසනායක මෙනෙවිය 'පද්ම ශ්‍රී සම්මානය' ලබාගත්තාය.

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව ද 2002 වසරේදී 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලැබීය.

 Indian Gov Award 1 

 

 


THE LEADER TV


බැසිල්ගේ ජනපති හීනයට ගුරුවරු අහුවුනාද ?
 


ගැටුමට එක්වූ පස්වෙනි කැබිනට් ඇමති!


 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්