තමා හෝ තම ආණ්ඩුව හොඳ නැත්නම් විකල්පය විපක්ෂය දැයි ජනාධිපතිවරයා ජනතාවගෙන් විමසා සිටියි.


''මම හොඳ නැත්නම් අපේ ආණ්ඩුව හොඳ නැත්නම් විකල්පය විපක්ෂයද කියලා අපි ජනතාවගෙන් අහනවා. දැන් අවුරුදු පහක් පාලනය කරපු හැටි අපි දැක්කා. එදා කිව්වා ගෝඨාභය රාජපක්ෂට දිනන්න බැහැ මොකද සුළු ජාතීන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ නැහැ කිව්වා. අපි දිනුවේ නැද්ද අපි මේ රටේ රටේ යුද්ධය අවසාන කළාටත් වඩා තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් මෙවර ජනතාව අපට ලබා දුන්නා. මාව ඉතා විශාල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළේත් පාර්ලිමේන්තුවේ අපට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නෙත් ඔය කියන කණ්ඩායමේ අසාර්ථකත්වය දුර්වල පාලනය ඒ අයගේ පළිගැනීම් ජනතාව පිළිකුල් කළ නිසයි.'' යයි ජනාධිපතිවරයා කියා සිටියි.

ජනාධිපතිවරයා එබව සඳහන් කර සිටියේ, අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමිනි.



අනතුරු ඇඟවීමක් : ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන්න !



ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත් ජනතාව නොරවටන ලෙසත් ජනාධිපතිවරයා එහිදී විපක්ෂයට දැනුම් දී සිටියේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා, එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවත්, පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතු බව පැවසු ජනාධිපතිවරයා, එම නිසා ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත් ජනතාව නොරවටන ලෙසත් විපක්ෂයට කියා සිටි.

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමන්නේ නැතිව ඉදිරි අවුරුදු තුන පාලනය කිරීමට හැකිවුවහොත් ජනතාවට ලබාදුන් පොරොන්දු සහ සියලුම ව්‍යාපෘති කඩිනමින්ම අවසන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම උත්සවය අමතමින් අවධාරනය කර සිටියේය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාට අමතරව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදෙයිකි ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

THE  LEADER  TV


විමල්ට ගම්මන්පිලට එරෙහි කුමන්ත්‍රණයක්! | Gossip
 
 
 
ඇගෙන් වැඩ මොළේ වැඩ නෑ! | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්