ශ්‍රී ලංකාව, වෙනත් රටවලට සාපේක්ෂව ඒඩ්ස් ව්‍යාප්තිය අඩු රටක් වුවද පසුගිය වසර කිහිපයේ නව ආසාදිතයන් හදුනා ගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව රජය පවසයි.



2020 වසර තුළ නව ඒඩ්ස් ආසාදිතයන් 363 ක් වාර්තා වී ඇති අතර 2019 වසර තුළ වාර්තා වු රෝගින් ගණන 439 කි.

2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී වාර්තා වු රෝගින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටීමට ප්‍රධාන හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොවිඩ් 19 තත්වය හමුවේ පැනවු සංචරණ සීමා නිසා ඒඩ්ස් පරීක්ෂණ අඩාල වීම නිසා බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

මොහාන් සමරනායකගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක සදහන් පරිදි ශ්‍රී ලංකාවේ ඒඩ්ස් සම්ප්‍රේෂණයේ ප්‍රධාන ආකාර ලෙස අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් හදුනාගෙන ඇති අතර මෑත කාලීනව පිරිමි සම ලිංගික සබදතා පවත්වන්නන් අතර එච්අයිවී වාර්තා වීමේ වැඩි වීමක් දන්කට ඇත.

"වාර්තාවන ආසාදිතයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් පිරිමි වන අතර අනුපාතයක් ලෙස සැලකීමේදී පිරිමි 5 ට කාන්තා 1 ක් ලෙස දැක්විය හැක."

ඒඩ්ස් ආශ්‍රිත ගැටළු පිළිබදව ලොව පුරා ප්‍රජාව දැනුවත් කිරීම සදහා සෑම වසරකම දෙසැම්බර් පළමුවැනිදා ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර තිබේ.

" අසමානකම් දුරුකර ඒඩිස් අවසන් කරමු, වසංගතය පරදවමු  " යන්න මෙවර ඒඩ්ස් දින තේමාව වේ.

ඒඩ්ස් පරීක්ෂා කර ගැනීමට අවශ්‍යනම් www.know4sure.lk වෙබ් පිටුව මගින් හමුවීමක් වෙන් කරවා ගත හැකි බව රජය දැනුම් දෙයි.

එමෙන්ම 0703 633533/0112667163 දුරකතන අංක ඔස්සේ වැඩි විස්තර සපයා ගැනීමට හැකි අතර HIV ස්වයං පරීක්ෂණ අවශ්‍ය නම් 0716379192 දුරකථන අංකය අමතා ලබා ගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 
සබැඳි පුවත් :

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විප්ලවීය ඒඩ්ස් වීඩියෝවක්!

 

 

 


 

THE  LEADER  TV
 
 
 
ගෑස් සිලින්ඩරයක් පුරවගන්න බැරි අමන මරි ආණ්ඩුවක් ! 
 
 
  
සර් ශ්‍රීලනිපය ගියත් හතුරා තවම ඇතුළේ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

'ස', චමල් ලවා PB ට රිදෙන්නම දීලා !

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්