දිවයිනේ විශාලතමතම විවිධ සේවා සමුපකාර සමිතියක් වන දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ බලය ගිලිහෙන්නට නොදී යාන්තම් රැක ගන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇත.



දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක ගේ මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද කණ්ඩායමට 51, ජවිපෙ සහාය ලද කණ්ඩායම 30ක්, එක්සත් ජාතික පක්‍ෂය 05ක්, ස්වාධීන කණ්ඩායම 14ක් ලෙස මහ සභා නියෝජිත ධුර බෙදී ගොස් ඇති බව පවසන මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකය, ඒ බව සනාත කිරීම සඳහා  ඡන්ද සටහන් පත්‍රීකාව ද මාධ්‍ය වෙත යොමුකර ඇත.

df565465


යන්තමින් බේරෙයි !

ඉහත සටහනට අනුව, 90%කට ආසන්න සාමාජික ප්‍රතිශතයක් රඳවාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගියවර ජයග්‍රහණය කර තිබූ කොටපොල විවිධ සේවා සමුපකාර සමිතිය මෙවර ජයගෙන ඇත්තේ ආසන 51 පමනක් ලබා ගනිමිනි.

මෙම විවිධ සේවා සමුපාකාර සමිතිය සාමාජිකයන් 50,000ක ගෙන් පමණ සමන්විත වේ.

ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් ‘කොටපොල සමුපාකාරය සුරැකීමේ එකමුතුව’ නම් වූ සංවිධානය ආසන 30ක් ජයග්‍රහණය කර ඇති අතර, මෙම නිලවරණයට තරග කළ ස්වාධීන කණ්ඩායම දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 14කි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයත් කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාජික ආසන 5ක් ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික ආසන 51ක් ජයග්‍රහනය කරන විට ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම එක්ව ඉතිරි ආසන 49 ජයග්‍රහණය කර ගැනීමට සමත් වී ඇත.

කොටපොල අයත් වන දෙනියාය මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සංවිධායකවරයා වන්නේ රාජපක්ෂ පවුලේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවකයි.

(මුලාශ්‍රය - kubiyonews.com)




සබැඳි පුවත් :

රාජපක්ෂවරුන්ගේ බලකොටුවක් ජවිපෙ අතට !

 

 


 

THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය

 

මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !  

 

 

අන්තවාදයට එරෙහිව මොණරවිල අවි අතට ගනී! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්